Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා අයෝමය ශූරයා රාජපක්ෂ

ශ්‍රී ලංකා අයෝමය ශූරයා රාජපක්ෂ

editorial - 2024 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ දී අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති වජ්‍ර ජයන්ති (75 වැනි) සංවත්සර ජාතික කායවර්ධන තරගාවලියේ (2023) ශූරයා ලෙස යුද හමුදා ක්‍රීඩක ආර්.ඒ.ඩී. ප්‍රසන්න රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙකක ත්‍යාග මුදල දිනා ගත්තේය.

මෙවර ජාතික තරගාවලියට ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයේ අඩුවක් පෙන්නුම් කළත්, 132 දෙනෙක් ඊට සහභාගි වී සිටියහ. ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, හා ප්‍රවීණයන්ගේ ඉසව් රැසකට අමතරව කාන්තා ඉසව්වක් ද වජ්‍ර ජයන්ති ජාතික තරගාවලිය සමත්විත විය.

මෙවර තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයා වූ ප්‍රසන්න රාජපක්ෂ මීට පෙර එහි අනුශූරතාව හිමිකර ගත් ක්‍රීඩකයෙකි. වසර 2021 කිරිකිස්තානයේ දී පැවැති ආසියානු තරගාවලියේ දී මොහු කිලෝග්‍රෑම් 65ක් බර පංතියේ හා ආධුනික – විවෘත යන ඉසව් දෙකක දී ලොකඩ පදක්කම් දිනා ඇත.

මෙවර කිලෝග්‍රෑම් 70 බර පංතියේ ජයග්‍රාහකයා වෙමින් ඔහු තරගාවලියේ අවසන් වටයට නිර්දේශ ලබා ගත්තේය ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපතිධුරයට පත්ව සතියකට අඩු කාලයකින් මෙම තරගාවලිය සංවිධානය කරමින් ඊට අනුග්‍රහය දැක්වූයේ ද ව්‍යවසායක රන්දිර් රුද්‍රිගු මහතාය.

කාන්තා ඉසව්ව එහිදී නරඹන්නන්ගේ දැඩි අවධානය දිනා ගත් අතර, ‘‘ෆිට් මොඩ්ල්’’ ඉසව්ව ලෙස පැවැති එහි ජයග්‍රාහිකාව වූයේ අයන් කිඩ් කායවර්ධන මධ්‍යස්ථානයේ කේෂානි පෙරේරා විසිනි. එහි දෙවැනි හා තෙවැනි ස්ථාන රුස්ලිනා අලාබාහ් හා මිතූනා විසින් ද හිමිකර ගන්නා ලදී. ඒ අනුව සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය ලද නාවික හමුදා ක්‍රීඩක එන්.ඩී.ඒ.එම්.එම්. නාමරත්නට රුපියල් 150,000/-ක්ද හා එහි තෙවැනි ස්ථානය ලද ගුවන් හමුදා ක්‍රීඩක ජී.යූ.එල්. ප්‍රනාන්දු රුපියල් ලක්ෂයක්ද මෙහිදී ප්‍රදානය කෙරුණි.

 

මෙම තරගාවලියේ ඉසව් ජයග්‍රාහකයන් මෙසේය.
කනිෂ්ඨ – කිලෝග්‍රෑම් 70ට බර පංතිය – රිසිඳු සහාස් (බොඩි ටෝන්)
කනිෂ්ඨ – කිලෝග්‍රෑම් 70ට වැඩි බර පංතිය – අෂ්ෆාක් අස්ලාම් (අයන් හිඩ්)

ජ්‍යෙෂ්ඨ කාණ්ඩය
කිලෝග්‍රෑම් 60 බර පංතිය – තුෂාර රත්නායක (අයන් හිඩ්)
කිලෝග්‍රෑම් 65 බර පන්තිය – ජී.ජී.එන්. වික්‍රමසිංහ (යුද හමුදාව)
කිලෝග්‍රෑම් 70 බර පංතිය – ආර්.ඒ.පී.ඩී. රාජපක්ෂ (යුද හමුදාව)
කිලෝග්‍රෑම් 75 බර පංතිය – රංගන සිල්වා ( මීරිගම බාබල්)
කිලෝග්‍රෑම් 80 බර පංතිය – එන්.බී.ඒ.එම්.එම්. නාමරත්න (නාවික හමුදාව)
කිලෝග්‍රෑම් 85 බර පංතිය – කේ.ඒ.සී.ජේ. රත්නායක (ගුවන් හමුදාව)
කිලෝග්‍රෑම් 85 වැඩි බර පංතිය – ජී.යූ.එල්. ප්‍රනාන්දු (ගුවන් හමුදාව)
ශාරීරික යෝග්‍යතා - සෙන්ටිමීටර 168ට අඩු උස ඉසව්ව – රංග සිල්වා (මීරිගම බාබල්)
එහි සෙන්ටිමීටර 168ට වැඩි උස ඉසව්ව – අෂ්ෆාක් අස්ලාම් (අයන් කිඩ්)
ප්‍රවීණයන්ගේ (වයස 45ට වැඩි) ඉසව්ව – චමින්ද පීරිස් (මීරිගම බාබල්)
කාන්තා (ෆිට් මොඩ්ල්) ඉසව්ව – කේෂානි පෙරේරා (අයන් කිඩ්)

 

ජාතික කායවර්ධන ශූරතා තරගාවලියේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන අත්කර ගත් තරගකරුවන් ප්‍රධාන ආරාධිතයන් සමග – කායවර්ධන සම්මේලනයේ සභාපති රන්දිරි රුද්‍රිගු, එහි ලේකම් ජාත්‍යන්තර විනිසුරු කපිල කුමාර, ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, ආර්.එස්. ස්ටීල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මෛත්‍රී සිල්වා හා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වසන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් 

 

කාන්තා ඉසව්ව ජයගත් කේෂානි පෙරේරා ඇතුළු තරගකාරියන්... 


අදහස් (1)

ශ්‍රී ලංකා අයෝමය ශූරයා රාජපක්ෂ
  • Ahmed (Gulf) Monday, 08 April 2024 02:53 AM

    පළමු ත්‍යාගය ලක්ෂ 2යි... ඒ ගැන සංවිධායකයින් ගැන නම් ලැජ්ජා සහගතයි. මූලික පෝෂණ අතිරේකයන් මිලදී ගන්නවත් මෙම මුදල ප්‍රමාණවත් මදි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.