Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේ ජෙන්ජු නුවරදී අද (27) ආරම්භ වන 13 වැනි ආසියානු යොවුන් (වයස 21 න් පහළ) දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගය අද පැවැත්වේ.
බෲනායි සහභාගි නොවීමෙන් ඊට සහභාගි වන රටවල් ගණන 11 කට අඩුවී තිබේ.ඒ හේතුවෙන් තරග කාලසටහන ද සංශෝධනයවී තිබේ.මූලික (ලීග්) වටයේදී ශ්‍රී ලංකාව ඒ කාන්ඩයෙන් තරග වැදීමේදී ඔවුන්ට ගිය වර (2023) ශූරියන් වන මැලේසියාව අනුශූරියන් වන සිංගප්පූරුව හා ඉන්දියාවද මුණ ගැසේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය ජෙන්ජු නුවරදී පැවැසුවේ හොංකොං කණ්ඩායම අවතක්සේරු කළ නොහැකි බැවින් ඔවුන්ගෙන් අභියෝගාත්මක තියුණු තරගයක් ශ්‍රී ලංකාව අද අපේක්ෂා කරන බවයි.එසේම ශ්‍රී ලංකාවට මෙවර මුණ ගැසෙන සෙසු කිසිදු ප්‍රතිවාදීනියක් ද එලෙස අවතක්සේරු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් පෙර සූදානමින් තරගාවලියට මුහුණ දෙන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
කෙසේවූවත් 1994 දී තරගාවලිය ආරම්භවීමෙන් පසුව මේ දක්වා හොංකොං එහිදී අත් කර ගත් හොදම ජයග්‍රාහණය වන්නේ 2017 තරගාවලියේදී තෙවැනි ස්ථානය ලැබීම පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කුරුණෑගල ශුද්ධ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකා චලනී නීෂා කටයුතු කරයි.ඇය ඇතුළුව බාෂී උඩගෙදර, මිනාගී කන්කානීගේ හා නෙතංගා ගුණරත්න ගිය වර දකුණු කොරියාවේදීම පැවැති 12 වැනි තරගාවලියට නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේත් ක්‍රීඩා කර ඇත.
අනිද්දා (29) ශ්‍රී ලංකාව මූලික වටයේ සිය දෙවැනි තරගයට ඉන්දියාවට එරෙහිව සහභාගි වේ. ශ්‍රී ලංකාව ගිය වර තරගාවලියේ තෙවැනි ස්ථානය අත් කර ගත්තේය. එහිදී ශ්‍රී ලංකාව අවසන් වතාවට 2015 (හොංකොං) පැවැති නව වැනි තරගාවලියේ ශූරතාව දිනා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.