ජාතික වෙරළ කබඩි සංචිතයට(පිරිමි) ක්‍රීඩකයන් 12 දෙනකු තෝරා ගත් බව කබඩි සම්මේලන ජාතික තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මීගමුව බ්‍රවුන් වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී පසුගියදා මෙම තේරීම් සිදු කෙරිණ.
සැප්තැම්බර් මස වියට්නාමයේදී පැවැත්වීමට නියමිත ආසියානු වෙරළ කබඩි තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නම් කිරීම මෙම තෝරා ගත් ක්‍රීඩකයන් අතරින් සිදුකෙරේ.
කාන්තා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කළද, දකුණු කොරියාවේ පැවැති ආසියානු කාන්තා කබඩි තරගාවලියට සහභාගි වු ක්‍රීඩිකාවන් පැමිණි පසු නැවත තේරීම් පරීක්‍ෂණයක් පවත්වන බව ද ඔහු පැවසීය.
ඩබ්.එස්.ලියනගේ, එස්.සී.සංජීව, ආර්.කේ.ජයසේකර, යන තේරීම් කමිටු සාමාජිකයෝද, පුහුණුකරු බ්ම්සර ජනප්‍රිය, ක්‍රීඩා ඇමැති සම්බන්‍ධීකරණ නිලධාරී අනුර පතිරණ සහ උප ලේකම් කේ.රවින්ද්‍ර සිල්වා යන මහත්වරු ද මෙම ක්‍රීඩකයන් තේරීමේ අවස්ථාවට සහභාගිවුහ.
තෝරාගත් ක්‍රීඩකයන් 12 දෙනා:
කේ.ඒ.එල්.බී.කුරුප්පු, එච්.ආර්.සී.හපුතන්ත්‍රී, ඒ.එස්.රත්නායක, කේ.පී.සඳරුවන්, සී.ආර්.සමරකෝන්, එන්.එන්.ජයවර්ධන, කේ. සිනෝදරන්, එම්.සී.සම්පත්, ඒ.ඒ.සඳරුවන්, කේ.කේ.රුවන් චාමර, සජිත් ඉන්ද්‍රකුමාර සහ ඉෂාර රත්නපාල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.