ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේ අද (13) පැවැති කණ්ඩායම් ඉසව්වලදී ශ‍්‍රී ලංකාව තවත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකාව මේ දක්වා වෙඩි තැබීමේ තරගාවලියෙන් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගෙන සිටියි. මෙම පදක්කම් කණ්ඩායම් ඉසව්වලින් වීම ද විශේෂත්වයකි.
මීටර 50 රයිෆල් කණ්ඩායම් කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ‍්‍රී ලංකාව අද දිනා ගත්තේ එස්. වයි. පෙරේරා, කේ. ජී. පෙරේරා සහ යූ. එන්. රූපරත්න යන ක‍්‍රීඩිකාවන් තරග කරමිනි. ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර පාකිස්තානයට ලෝකඩ පදක්කම හිමිවිය.
ශ‍්‍රී ලංකාවට දෙවැනි රිදී පදක්කම හිමි වුයේ මීටර 25 පිස්තෝල කාන්තා ඉසව්වෙනි. ඞී.ඒ.කුලතුංග, සී.ජී.කදවල සහ එන්.එම් වීරක්කොඩි එහි රිදී පදක්කම් ලාභී ක‍්‍රීඩිකාවෝ වුහ. ඉන්දියාවට සහ පාකිස්තානයට මෙම ඉසව්වේද රිදී සහ ලෝකඩ පදක්කම් බෙදී ගියේය.
අද පැවැති මීටර 10 පිස්තෝල ඉසව්වෙන් (පිරිමි) ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවිය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.