Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙඩි තැබීමෙන් ලෝකඩ දෙකක්

වෙඩි තැබීමෙන් ලෝකඩ දෙකක්

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේ කණ්ඩායම් ඉසව් දෙකකදී ශ‍්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත්තේය.


 මීටර 10 වායු රයිෆල් පිරිමි කණ්ඩායම් ඉසව්වෙන් සහ මීටර 25 ස්ටෑන්ඩර්ඞ් පිස්තෝල කණ්ඩායම් ඉසව්වෙන් (පිිරිමි* ශ‍්‍රී ලංකාවට එම ලෝකඩ පදක්කම් දෙක ලැබිණ.


එස්. ප‍්‍රනාන්දු, එම්. පී. පතිරණ සහ ජී. එස්. වල්ගම යන ක‍්‍රීඩකයෝ මීටර 25 ස්ටෑන්ඩර්ඞ් පිස්තෝල ඉසව්වේදී ලෝකඩ පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුහ. ඉන්දියාව (ලකුණු 1698) රන් පදක්කම දිනාගත් අතර පාකිස්තානයට (ලකුණු 1663) රිදී හිමිවිය. ශ‍්‍රී ලංකාව ලකුණු 1603 ක් ලබා ගත්තේය.


එස්.එම්.එම් සමරකෝන්, කේ.වයි ක‍්‍රිෂාන්ත සහ ඒ.යු. සමරකෝන් මීටර 10 වායු රයිෆල් කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනු ක‍්‍රීඩකයෝ වෙති. ඉන්දියාව සහ බංග්ලාදේශය පිළිවෙලින් එහි රන් සහ රිදී පදක්කම් දිනා ගත්තේය.


-090

 


අදහස් (0)

වෙඩි තැබීමෙන් ලෝකඩ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.