Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විරේන් ඔලිම්පික් වරම් දිනයි

විරේන් ඔලිම්පික් වරම් දිනයි

editorial - 2024 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත්ව ඇත. මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඍජුවම සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා විරේන් වන අතර ජාත්‍යන්තර තරගාවලි 11 කට සහභාගි වී එහිදී ලකුණු 24,030 ක් ලබාගනිමින් ඔහු ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ. 

තවමත් 20 වැනි වියේ පසුවන විරේන්, මේ දක්වා ඔලිම්පික් උළෙලේ පිරිමි කේවල ඉසව්ව සඳහා ඍජුවම සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් 39 දෙනා අතරින් ලාබාලම ක්‍රීඩකයාද වේ. සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් අතරින් 32 වැනි ස්ථානයට පත්වූ ඔහු මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්හි 72 වැනි ස්ථානයේ පසුවේ. 

ඔලිම්පික් සිහිනය හඹායෑම ආරම්භ කරන විට 17 වැනි වියේ පසුවූ විරේන්, ඒ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්හ් 887 වැනි ස්ථානයේ පසුවී තිබේ. කෙසේ වුවත් එතැන් පටන් දිගින් දිගටම දැඩි කැපවීමකින් පුහුණුවීම්වල නිරත වූ ඔහු වසර 3 ක් ඇතුළත එම සිහිනය යතාර්ථයක් බවට පත්කර ගෙන ඇත.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වන විරේන්, සිය පියා මෙන්ම පුහුණුකරුවාද වන රොෂාන් නෙත්තසිංහ මහතාගේ ගුරුහරුකම් මැද ඇස්ටෝනියාවේ, ස්වීඩනයේ, ඉරානයේ,  උගන්ඩාවේ, නෙදර්ලන්තයේ, පෝලන්තයේ, තායිලන්තයේ, කසකස්තානයේ, චීනයේ සහ ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිවලදී කැපී පෙනෙන දස්කම් දක්වමින් ඔලිම්පික් සිහිනය කරා ගියේය. 

 


අදහස් (0)

විරේන් ඔලිම්පික් වරම් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.