Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වාර්තා ගණන සැඟවෙයි

වාර්තා ගණන සැඟවෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිලෝ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ අවසන් දිනය වු අද (26) දිනයේ නව තරග වාර්තා පිහිටු වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් පිළිබඳ නිල දත්ත ලබා දීමට මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කළ නිලධාරීන් අපොහොසත්වීමෙන් මාධ්‍යවේදීහු දැඩි දුෂ්කරතාවට පත්වුහ.

තරගාවලිය පැවැති පළමු දින තුනේදී නිසි අයුරින් තරග ප්‍රතිඵල සහ නව වාර්තා පිළිබඳ නිල දත්ත ලබාදුන් නිලධාරීහු අවසන් දිනයේ පැවැති සහය පිහිනුම් ඉසව්වල නව වාර්තා සටහන ලබාදීමට අපොහොසත්වුහ.

තරග ප්‍රතිඵල පරිඝණක ගත කිරීමට කටයුතු කළ තැනැත්තා පවසන්නේ අදාළ පැරැණි වාර්තා සොයා ගැනීමේ ගැටළු නිසා සහය පිහිනුම්වල බිහි වු නව වාර්තා ලබාදීමට නොහැකි බවයි. එය කිසි සේත් පිළිගත නොහැකි තර්කයක් වන්නේ තරගාවලියට අයත් වැඩසටහන් අතිරේකයේ අදාළ වයස් කාණ්ඩයට සම්බන්ධ සියලු ඉසව්වල පැරණි වාර්තා වර්ෂයත් සමඟින් සටහන්ව තිබීමයි.

මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් වාර්තා පිහිටු වු සහය පිහිනුම් කණ්ඩායම්වල ඡායාරූප සහ තොරතුරු ලබාගත්තද, එහි නිල ප්‍රතිඵල මාධ්‍යයට නොලැබීමෙන් එය ප්‍රකාශ කිරීමට නොහැකි ව තිබේ.

තරගාවලියේ අවසන් දිනයේ බිහි වු නව තරග වාර්තා පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදීමට ද පාසල් පිහිනුම් සංගමයේ ලේකම්වරයාටද නොහැකි වීම කණගාටුවට කරුණකි.

මෙම තත්ත්වය හේතුවෙන් තරගාවලිය අවසානයේදී පිහටුවන ලද සමස්ත නව තරග වාර්තා ගණන නිවැරදිව කිව නොහැකි විය. එසේ වුවත් පළමු දින තුනේදී පමණක් (සෙනසුරාදා දිනය අවසානයේදී) නව වාර්තා 27 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටියහ.

 


අදහස් (0)

වාර්තා ගණන සැඟවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.