Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වසර එකහමාරක් පිහිනුම් පුහුණුවීම් නවතී

වසර එකහමාරක් පිහිනුම් පුහුණුවීම් නවතී

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් පසුගිය වසර එකහමාරක කාලයේදී ජල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් කඩින් කඩ මාස කීපයකට පමණක් සීමා වී තිබේ. මෙම තත්ත්වය තුළ එළඹෙන වසරට නියමිත ආසියානු ක්‍රීඩා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් අසීරැතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

ජාතික ජල ක්‍රීඩා සංචිතයේ පිහිනුම්, දිය පිනුම් හා ජල පන්දු (වෝටර් පෝලෝ) ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 50 දෙනකු පමණ සිටිති. ඔවුන්ගේ දෛනික පුහුණුවීම් මේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇත්තේ කොවිඩ් රෙගුලාසිවලට අනුව පිහිනුම් තටාක විවෘත කිරීම තවදුරටත් තහනම්ව තිබෙන බැවිනි.

 “සුගතද‌ාස පිහිනුම් තටාකය ඇතුළු කොළඹ අවට ක්‍රීඩා සමාජ කීපයක පිහිනුම් තටාක ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහා අඩුම තරමින් විවෘත කර දෙන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් තවමත් ඒ ඉල්ලීම ඉටු වුණේ නෑ. ලබන අවුරැද්දේ අපට ආසියානු ක්‍රීඩා හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි දෙකකට සහභාගි වෙන්න වෙනවා. මෙහෙම දිගටම ගියොත් අපේ පුහුණු සැලැස්ම මුළුමනින්ම අඩාල වෙනවා.” යයි ජල ක්‍රීඩා සංගමයේ සභාපති නේතෲ නානායක්කාර මහතා පැවසීය.

ජල ක්‍රීඩා සංගමය, ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට වහාම කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

පිහිනුම් තටාක වසා දැමීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් මීට ඉහත දී ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා ප්‍රකාශ කර තිබුණේ පිහිනුම් තටාක නිරෝධාන නීති යටතේ විවෘත කිරීමේ වරදක් තමා නොදකින බවයි. ඒ අතරම ඔහු පවසා සිටියේ පිහිනුම් තටාක විවෘත කර පවත්වාගෙන යාම සඳහා ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකය මාර්ගෝපදේශ මාලාවක් ද සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ බවයි.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 5.5 ක මුදලක් ද දේශීය ප්‍රවර්ධන කටයුතු ඇරඹීම සඳහා අනුමත කර තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ හා පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් සහභාගි වූහ. ඒ සුදුසුකම් නොලත් නාමලේඛනය යටතේ ශ්‍රී ලංකාවට හිමි වුණු පංගු ක්‍රමය අනුවය.

 


අදහස් (0)

වසර එකහමාරක් පිහිනුම් පුහුණුවීම් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.