ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 16 න් පහළ හොකී කණ්ඩායම විසින් 2025 සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ සම ශූරතාව දිනාගන්නා ලදි. මෙම ශූරතාව, වසර 33 කට පසුව ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමක් විසින් දිනාගන්නා ලද හොකී ශූරතාවකි.
තරඟාවලිය පුරාම හොඳ දක්ෂතා ප්‍රදර්ශනය කළ ඉසිපතන විද්‍යාලයීය හොකී කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. අනෙක් පසින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
වැසි සහිත කාලගුණය හේතුවෙන් අවසන් මහ අවලංගු කිරීමට සිදු වූ අතර, කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාසල් හොකී සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි. තරගාවලිය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අන්තර් පාසල් තරගාවලියේ "ඒ" කොටසේ තරඟ වදින ඉසිපතන විද්‍යාලය, කණ්ඩායම් 32ක් අතුරින් "ඩී" කාණ්ඩයේ ස්ථානගතව සිටියේය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මාතලේ හින්දු විද්‍යාලය ද ඩී කාණ්ඩයට අයත් වූ සෙසු පාසල් කණ්ඩායම් විය.
ලීග් තරඟවලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය (1-0), ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (3-0) සහ මාතලේ හින්දු විද්‍යාලය (1-0) ක් ලෙසින් පරාජය කළ ඉසිපතන ක්‍රීඩකයෝ ඔවුන්ගේ කාණ්ඩයේ ශූරයන් බවට පත්වූහ.
අර්ධ අවසන් පූර්ව තරගයේදී මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දඬුවම් පහර (4/3) මගින් පරාජය කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගත්හ. එහිදී මහරගම ජනාධිපති විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසින් පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් පූර්ව තරගයේදී මාතලේ සහිරා විද්‍යාලය දඬුවම් පහර (5/4) මගින් පරාජය කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ඒ.එම්.එම්. සාද් සම්මාන දිනාගත් අතර ඔහු ගෝල 9ක් ලබා ගත්තේය. ජී.මෙතුප විශ්වජිත් පෙරේරා හොඳම ගෝල රකින්නා ලෙස සම්මාන ලැබීය.
ඉසිපතන විද්‍යාලය 1992 දී සමස්ත ලංකා පාසල් තරඟාවලියේ ශූරයන් බවට පත් වූ අතර, මෙම ජයග්‍රහණය වසර 33කට පසුවය.

ජයග්‍රාහී ඉසිපතන විද්‍යාලයීය අවුරුදු 16න් පහළ හොකී කණ්ඩායම.
වමේ සිට දකුණට අසුන්ගෙන සිටින අය:- අබ්දුල් අසීස් (උප නායක), නයනා පද්මකුමාරි (භාර ගුරුවරිය), දර්ශන උඩවත්තගේ (විදුහල්පති), ප්‍රදීප් චන්ද්‍රසේකර (උප විදුහල්පති), මන්දිව් රණසිංහ (නායක), ඒ.එම්.එම්. සාද් (උප නායක)
කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ
ඩබ්ලිව්.එල්.එල්.පී. වනිගසිංහ, එච්.ආර්.එච්.එල්. ගිර්වාන, එම්.කේ.අයි. ගිර්සි, කේ.එන්. අශේන් පෙරේරා, ජී.මෙතුප විශ්වජිත් පෙරේරා, එම්.ෂාහාන් අන්සාරි, එම්.නකීබ් සෆරුල්ලා, කේ.රෙහාන් ජයවර්ධන, පී.ඩී. නිසල දෙව්සර, එස්.අකේන් ඔත්නාපිටියගේ, කේ.එම්.ඕ. සංජුල් රුද්‍රිගු, කේ.පී. චෙනුත් තවසර, එම්.එම්. රෂේන් පන්සිළු, ඩී.යූ.ඩබ්ලිව්.සී. මොහොට්ටි, ඒ.එච්.එල්.ඩී.ඩී. නිරීක්ෂණ, එස්.එල්.ටී. බෝමෙත් රණසිංහ, හේලිත් ජිත්නුක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.