සිවුවැනි ආසියානු කාන්තා කබඩි තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. දකුණු කොරියාවේ බූසාන් නගරයේදී ඊයේ (3) නිමා වු මෙම තරගාවලියේ රන් පදක්කම කොරියාව ද, රිදී පදක්කම තායිලන්තය ද දිනා ගත්තේය.
තරගාවලියේ මුලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජපානය, තායිලන්තය සහ ඉරාකය පරදවා පෙරමුණ ගත්හ. කොරියාව සමඟ පළමු අවසන් පුර්ව තරගයේදී වරක් ලකුණු 9/8 ක් ලෙස තියුණු තරගයක් ලබාදමට ද ශ්‍රී ලංකාව සමත්විය.
කෙසේ වෙතත් අවසානයේදී කොරියාව ලකුණු 16/11 ක් ලෙස ජය ලැබීය. දෙවැනි අවසන් පුර්ව තරගයේදී තායිලන්තය විසින් ඉරාකය පරාජය කරන ලදී.
ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම:
ආර්.පී.එම්.චතුරිකා, ඒ. පී.එම්.හංසමාලී, එල්. පී.එම්.පත්මසිරි, ජී.එස්.එම්.ජයසිංහ, ජී.කේ.හේරත්, ටී.එම්.විජේතිලක, ඩී.එච්.බුද්ධිකා, පී.එම්.තිලක්ෂණී, අයි.එස්.විජේතුංග, එම්.එන්.විජේකෝන්,
එල්.බී. රත්නායක මහතා (ලේකම්), ඩී. එස්.ගුණසේකර මහතා (කළමනාකරු), කේ.පී.පෙරේරා මහතා (තාක්‍ෂණ නිලධාරී), එම්. ටී. සමරකෝන් මහතා (පුහුණුකරු)
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.