ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ (පිරිමි) ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලෝකඩ පදක්කම සදහා පැවැති තරගයෙන් ගෝල 4-1 ක ජයක් ලැබු බංග්ලාදේශය ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. අවසන් වරට ඩකා නුවර පැවැති 11 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී මෙන්ම මෙවරද ශ‍්‍රී ලංකාවට හොකී තරගාවලියේදී සිවුවැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය.
මේ අතර ඉන්දියාව ගෝල 1-0 කින් පරදවා පිරිමි හොකී රන් පදක්කම දිනා ගැනීමට පාකිස්තානුවෝ සමත්වුහ. ලෝක හොකී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ඉන්දිය හොකී කණ්ඩායම මෙවර සාග් හොකී රන් පදක්කම පිළිබ`ද සිටියේ මහත් අපේක්ෂාවෙනි.
මුලික වටයේ තරගයකින් ද ඉන්දියාව ගෝල 2-1 කින් පරාජය කළ පාකිස්තාන් හොකී ක‍්‍රීඩකයෝ මෙවර හොකී රන් පදක්කම දිනාගැනීමට වැඩි අවස්ථාවක් තමන්ට ඇතැයිද පෙන්වුහ.
පාකිස්තානය ලෝක හොකී ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ 10 වැනි ස්ථානයේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.