Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ ට්‍රන්ග් නුවරදී එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 17 ක සහභාගීත්වයෙන් පැවති ලෝක යොවුන් ස්ක්‍රැබල් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට කුසලාන පහක් හිමිකරදෙමින් තම මව්බිමට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවූහ.

ලෝක කනිෂ්ඨ ස්ක්‍රැබල් ශූරයා ලෙස මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් ශූරතාව දිනාගත් අතර එහි දෙවැනි ස්ථානය ගේට්වේ විද්‍යාලයේ අධීෂ දිසානායක විසින් හිමිකර ගන්නා ලදි. තෙවන ස්ථානය රාජකීය විද්‍යාලයේ කවිඳු මලවරආරච්චිට හිමිවිය.

වයස අවුරුදු 18 ට අඩු ක්‍රීඩකයින් සඳහා වසරකට වරක් පැවැත්වෙන ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලිය පැවැත්වෙයි. 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති තරගාවලියේ හොඳම කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාව දිනාගත්තේය.

මෙම තරගාවලිය 2016 දී ප්‍රංශයේ ලිලී නුවරදී සහ 2017 දී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්විණ. එම වසරේම ආබිඩ් ඉස්මයිල් ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනාගත් අතර ජනුල් ද සිල්වා අනුශූරතාව සහ 16 න් පහළ ලෝක ශූරයා විය. අධීෂ දිසානායක වයස අවුරුදු 10න් පහළ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව 2022 වසරේ හොඳම කණ්ඩායම් ශූරතාව නැවත වරක් දිනා ගත් අතර අධීෂ දිසානායක අවුරුදු 16 න් පහළ ලෝක ශූරයා බවට පත් විය.ඉමාඩ් ඉර්ෂාඩ් ක්‍රීඩකයා වැඩිම ලකුණු ලාභියා ලෙසත්, ඉනාම් ඉර්ෂාඩ් ක්‍රීඩකයා වයස අවුරුදු දොළහෙන් පහළ තරග ඉසව්වේ තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇමතිවරයා හමුවීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සංගමයේ සභාපති ධම්මික විතාරන මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අදහස් (0)

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.