Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කනිෂ්ඨ තරගාවලියට යයි

ලෝක කනිෂ්ඨ තරගාවලියට යයි

editorial - 2019 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ඕමානයේ මස්කට් නුවර පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මේස පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම හෙට (23) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යයි.

මෙම තරගාවලිය ඔක්තෝබර් මස 24 සිට 28 දක්වා ඕමානයේදී පැවැත්වේ. තරගාවලිය වයස අවුරුදු 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ (බාලක/බාලිකා) ලෙස පැවැත්වේ.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන්, පුහුණුකරුවකුගෙන් සහ කළමණාකරුගෙන් සමන්විතය. කළමණාකාරිනිය මෙන්ම ක්‍රීඩිකාවන් බාර නිලධාරිණිය ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආචාරිණි ඕ.පී. සිරියලතා මහත්මිය කටයුතු කරයි. පුහුණුකරු ලෙස ඩබ්ලිව්.එම් බුද්ධසිරි මහතා කටයුතු කරයි.

 

 


අදහස් (0)

ලෝක කනිෂ්ඨ තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.