Last Update  :  2024-05-17 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලොව උසම ක්‍රීඩිකාව සමග ශ්‍රී ලංකා පිල කේප්ටවුන් නුවරට

ලොව උසම ක්‍රීඩිකාව සමග ශ්‍රී ලංකා පිල කේප්ටවුන් නුවරට

editorial - 2023 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝකයේ උසම හා ජ්‍යෙෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාව වන අඩි 6 අඟල් 9ක් උසැති, 44 හැවිරිදි තර්ජනී ෂිවලිංගම් ඇතුළු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වෙමින් දකුණු අප්‍රිකාවේ ‘කේප්ටවුන්’ නුවරට ළඟා විය. මෙම තරගාවලිය අද (28) සිට ලබන අගෝස්තු 6 වැනිදා දක්වා කේප්ටවුන්  නුවරදී රටවල් 16 සහභාගිත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව අද මූලික වටයේ සිය පළමු තරගයට ප්‍රබල ජැමෙයිකාව සමග සහභාගි වේ. ඔවුන් ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවේ.

ඒ අතර හෙට (29) සත්කාර දකුණු අප්‍රිකාව සමගත් අනිද්දා (30) වේල්සය සමගත් මූලික ලීග් වටයේ තරග තුනකට ‘සී’ කාණ්ඩයෙන් තරග වදියි. දකුණු අප්‍රිකාව නවතම ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ රැඳී සිටින අතර වේල්සාය එම ශ්‍රේණිගත කිරීම්හි අට වැනි ස්ථානයේ දැන් පසුවේ.

අප්‍රිකානු කුසලාන වත්මන් හිමිකාරිය වන ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්හි අද පසුවන්නේ 15 වැනි ස්ථානයේය.

ගයංජලී අමරවංශගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු  කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස තිලකා ධම්මිකා ජිනදාස මෙනවියත් සහය පුහුණුකාරිණිය ලෙස පී ඩී. ප්‍රසාදි මහත්මියත් කටයුතු කරති.

කණ්ඩායමේ කළමනාකාරිණිය වන්නේ  නීතිඥ පද්මිණි හොරණගේ මහත්මියයි. ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානි වෛද්‍ය ලාල් ඒකනායක මහතා කණ්ඩායමේ වෛද්‍ය නිලධාරියායි.


අදහස් (0)

ලොව උසම ක්‍රීඩිකාව සමග ශ්‍රී ලංකා පිල කේප්ටවුන් නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.