Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේ ජෙන්ජූ නුවරදී ඊයේ (4) නිමාව දුටු 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.ඒ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී හොංකොං ලකුණු 51/ 43 කට පරාජය කරමිණි.
ඊයේ පැවැති අවසන් මහ තරගයේදී පිට පිටම කුසලාන තෙවතාවක් දිනා ගැනීමේ මැලේසියාවේ අවස්ථාව වළක්වාලමින් ලකුණු 49 - 29 කට ශූරතාව දිනා ගැනීමට තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූ සිංගප්පූරුව සමත් විය.
පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී හොංකොං ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රබල සටනක් දියත් වීම කැපී පෙණුනි.ලකුණු 17/09 -13/11 - 11/12 -10/11 ක් ලෙස දෙපිලම වට දෙක බැගින් පෙරමුණ ගැනීමත් එහිදී තවත් කැපී පෙණුනු සිදුවීමකි.තරගාවලියේ මීට පෙර මූලික වටයේ දෙපිල මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ ලකුණු 50/31 ක් ලෙසය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දක්ෂතාවල යම් කඩා වැටීමක් පෙන්නුම් කර තිබෙන අතර මෙවරත් තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් ඔවුන් එහි සහභාගිත්වය අවසන් කිරීම ඔවුන් ලැබූ සහනයකි. මෙවර අනුශූරියන් වූ මැලේසියාව තරගාවලියේ දෙවතාවක්ම මුණ ගැසීමේදී ඒ තරග අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාව ඔවුන්ට පරාජය විය.මෙවර කුසලාන දිනූ සිංගප්පූරුවට මූලික වටයේදී ශ්‍රී ලංකාව 62/19 ක් පරිදි ඉහළ ලකුණු පරතරයකින් පරාජයට පත් විය.
ඒ අනුව 2019 - 2023 හා 2025 යන පසුගිය තරගාවලි තුනකදීම ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ තෙවැනි ස්ථානයට සීමාවීමටය. ඒ අනුව අදාළ තරගාවලි තුනේම අවසන් මහ තරග සදහා මලයාසියාව සමග නිර්දේෂ ලබා ගත් සිංගප්පූරුව වසර 2017 න් පසුව යළි කුසලාන දිනා ගැනීමට ඊයේ සමත් විය.
මේ වන විට සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව තෙවතාවක් බැගින්ද, මැලේසියාව හත් වතාවක්ද ආසියානු යොවුන් දැල්පන්දු කුසලාන දිනා තිබේ.ශ්‍රී ලංකාව වසර 2015 (හොංකොං) තරගාවලිය ජය ගැනීමෙන් පසුව මෙතෙක් කුසලාන දිනා ගැනීමට සමත්ව නැත. මීළග 14 වැනි තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් කොළඹදී වසර 2027 දී පැවැත්වේ.
ජෙන්ජූ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාව ලබන සැෆ්තැම්බර්18 සිට 28 වැනිදා දක්වා ජිබොල්ටාවේදී පැවැත්වෙන මීළග ලෝක යොවුන් කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වෙයි.
එහිදී සැප්තැම්බර් 20 වැනිදා එංගලන්තයට එරෙහිවද, 21 වැනිදා වේල්සයට එරෙහිවද, 22 වැනිදා ජැමෙයිකාවට එරෙහිවද, 24 වැනිදා ටොන්ගා රාජ්‍යයට එරෙහිවද, මූලික වටයේ සී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග වදියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.