Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය - ශා. ජෝෂප් අවසන් ගැටුමට

රාජකීය - ශා. ජෝෂප් අවසන් ගැටුමට

ශනුක අරවින්ද - 2017 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ පාසල් පැසිපන්දු තරගාවලියේ (බාලක) අවසන් මහ තරගය හෙට (20 වැනිදා) පස්වරු 4.00 සිට තිඹිරිගස්යාය, හෙන්රි පේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල තරග වැදීමට නියමිතය.

පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 48-47 ක් ලෙස ලකුණක තියුණු ජයක් ලබමින් රාජකීය විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 29-18 ක් ලෙස පෙරමුණ ගැනීමට ආසියානු ජාත්‍යන්තර පාසල සමත් විය. එහෙත් දෙවැනි අර්ධයේදී වැඩි දස්කම් දැක්වූ රාජකීයයෝ තරගය නිමා වන විට 48-47 ක් ලෙස ආසියානු ජාත්‍යන්තර පාසලට වඩා ලකුණක් ඉදිරියෙක් සිටියහ. එහිදී රාජකීය විදුහල වෙනුවෙන් ආර්. රුක්ෂාන් ලකුණු 37 ක්ද, ආසියානු ජාත්‍යන්තර පාසල වෙනුවෙන් බ්‍රෙන්ට් තේවකුමාර් ලකුණු 28 ක්ද රැස්කළහ.

ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 55-45 ක ජයක් වාර්තා කරමිනි. එම තරගයේ පළමු අර්ධය නිමාවන විටද 20-13 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේ ශාන්ත ජෝෂප් විදුහලයි. එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 19 ක්ද, සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ෂෙවාන් පෙරේරා ලකුණු 14 ක්ද රැස්කළහ.

ආසියානු ජාත්‍යන්තර පාසල සහ සාන්ත තෝමස් විදුහල අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය හෙට පස්වරු 2.30 සිට හෙන්රි පේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

රාජකීය - ශා. ජෝෂප් අවසන් ගැටුමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.