Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රනිඳු දිල්ෂාන්ට ලෝකඩ පදක්කම

රනිඳු දිල්ෂාන්ට ලෝකඩ පදක්කම

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

2021 ආසියානු කලාපිය දෙමුහුන් ඔන්ලයින් චෙස් ශුරතාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු දිල්ෂාන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

 ඔහු තරගාවලියේ ලෝකඩ පදක්කම තමන් සතු කර ගත්තේ අවසන් තරග වටයේදී  බංග්ලාදේශ චෙස් ක්‍රීඩක ග්‍රෑන්ඩ් මාස්ටර් එනමුල් හුසේන් සමග තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත්වූ නිසාය.

තරගාවලියේ රන් පදක්කම බංග්ලාදේශ ක්‍රීඩක ග්‍රෑන්ඩ් මාස්ටර් සියාර් රහමාන් විසින් දිනා ගන්නා ලදි. ඒ තරග වට 9න් ලකුණු 8ක් ලබා ගනිමිනි.

රනිඳු සමග පැවැති අවසන් තරග වටය ජය පරාජයෙන් තොරව අවසන් කළ බංග්ලාදේශ ක්‍රීඩක ග්‍රෑන්ඩ් මාස්ටර් එනමුල් හුසේන්ට තරගාවලියේ රිදී පදක්කම හිමි විය. ඒ තරග වට නවයෙන් ලකුණු 7.5ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගීවූ 2020 ශ්‍රී ලංකා චෙස් ජාතික ශූරයාවූ කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු දිල්ෂාන් තමන් සහභාගීවූ තරග වට  9 න් ලකුණු 6 ක් ලබා ගැනිමට සමත් විය.

තරගාවලියේදි සමස්ථ ජයග්‍රාහකයන් අතර ඇමරිකානු ඩොලර් 3,000 ක් බෙදා හරිනු ලබන අතර, ශූරයාට ඇමරිකානු ඩොලර් 1,000 ක් ද, අනුශූරයාට ඇමරිකානු ඩොලර් 700 ක් ද, තුන්වන ස්ථානය හිමි කරගත් රනිදු දිල්ශාන්ට ඇමරිකානු ඩොලර් 500 ක් ද ලෙස ත්‍යාග මුදල බෙදී ගියේය.

අවාසනාවකට මෙන්, අවසාන වටයේදී නාලන්දා විද්‍යාලයේ චෙස් ක්‍රිඩක FIDE මාස්ටර් සුසාල් ද සිල්වා සමග ශ්‍රි ජයවර්ධනපුර චෙස් සමාජයේ  ඒ.ඒ.සී.බී අමරසිංහ සමග තරග වැදීමට සිදුවිය. එහිදි අමරසිංහට තරගයේ ජය හිමිවිය.

එම නිසා අවසානයේදි අමරසිංහ තරග වට 9 න් ලකුණු 6 ක් ලබා ගත් අතර තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු සමඟ 3 වන ස්ථානයට පත්විය. නමුත් සම ස්ථාන බේදීමේ නීතියට  අනුව ඔහුට 8 වන ස්ථානයෙන් සෑහිමකට පත්විමට සිදුවිය. එහිදි සුසාල් තරග වට 9 න් ලකුණු 5 ක් ලබා ගන්නා ලදි. තරගයේ 8 වන ස්ථානය හිමිකරගත් අමරසිංහට ඇමරිකානු ඩොලර් 100 ක ත්‍යාග මුදලක් හිමි විය.

 2021 ලෝක චෙස් කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගන්නා මූලික ඉසව්වක් වන 2021 ආසියානු කලාපීය චෙස් ශූරතාවලිය,  ටෝර්නෙලෝ වේදිකාවේදී ආරම්භ කරන ලදී. දකුණු ආසියානු රටවල් වන බංගලාදේශය, නේපාලය, පාකිස්තානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල ක්‍රීඩකයෝ 39 දෙනෙකු මෙම තරගාවලියට සහභාගී වූහ.

ලෝක චෙස් සම්මෙලනය විසින් ඉන්දියාව තනි කලාපයක් ලෙස ලෝක චෙස් කුසලානයට සෘජුවම පිවිසීමට අවස්ථාව ලබා දී ඇත.

මෙම තරගාවලියේ බංග්ලාදේශ ක්‍රීඩකයින් ඩකා නුවර පිහිටි බංගලාදේශ චෙස් සම්මේලොනයේ සිට තරග වැදුනු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නුගේගොඩ, ගංගොඩවිල පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සිට ක්‍රීඩා කළහ.

මෙම තරගාවලිය 2021 ජුනි 1 සිට 9 දක්වා පැවැත්වු අතර මෙම තරගාවලියේ තරග වට 9 කින් සමන්විත විය. සම්මාන උළෙල 2021 ජුනි 10 වන දින ප.ව 3.00 ට පැවැත්විනි.


අදහස් (0)

රනිඳු දිල්ෂාන්ට ලෝකඩ පදක්කම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.