අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 18 ක ජයක් ලබාගැනීමට රිච්මන්ඞ් විද්‍යාලය සමත්විය.
ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගනිමින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට දිලුම් සුධීර සමත්විය.
රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 44 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(තවීශ අභිෂේක් 44, විනුජ කිරිඇල්ල 33, සඳුන් මෙන්ඩිස් 20, නදීර ප්‍රනාන්දු 08/4, ප්‍රවීන් කුරේ 19/2, ජනිෂ්ක පෙරේරා 32/2)
ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී ලකුණු 141
(දුනිත් ජයතුංග 39, ළහිරු ප්‍රනාන්දු 29, දිලුම් සුධීර 16/5, දිමුත් සඳරුවන් 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.