මෙම මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වෙන වැවර්ලි ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රීි ලංකා කණ්ඩායම මේ මස 06 වැනිදා දිවයිනෙන් බැහැරව යාමට නියමිතය. මෙම තරගාවලියට ශ්‍රි ලංකා පාසල් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඉදිරිපත් වන අතර කණ්ඩායමේ නායකත්වය මහනුවර මහාමායා විදුහලේ මහේෂි කුලසේකරට හිමිව තිබේ.
මෙවර තරගාවලියට සත්කාරක ඕස්ට්‍රේලියාව, නවසිලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නියෝජනය කරමින් පාසල් කණ්ඩාම් 23 ක් සහභාගි විමට නියමිතය.

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායම
සිටගෙන (වමේ සිට දකුණට)චෙනුකි ජයසිංහ (මහනුවර හිල්වුඩ් විදුහල), ඉෂිනි වැලිවිට (කොලොන්නාව බාලිකා විදුහල), සනුලි උළුවත්ත (නුගේගොඩ අනුලා විද්‍යාලය) නෙතුනි ජයසිංහ (කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය), පුජනී තෙනු පෙමින්දි (සපුගස්කන්ද විශාඛා බාලිකා විදුහල), රෙහෙනි විජේසේන (මාතර සුජාතා විද්‍යාලය), මහේෂිකා කාසිවත්ත (මලියදේව බාලිකා විදුහල), විමාෂා සුභාෂිණි (කරන්දෙනිය ම.ම.විදුහල), වෙනුජි ගුණවර්ධන (සම උප නායිකාව - මියුසියස් විද්‍යාලය), සයුමි සුරියආරච්චි (මාතර සුජාතා විද්‍යාලය), සිතුකි ලියනගේ (සම උප නායිකාව - මහනුවර හිල්වුඩ් විදුහල)
වාඩිවී (වමේ සිට දකුණට) දිපානි සෙනවිරත්න මිය (සහය කළමනාකාරිණිය හා ප්‍රථමික භෞත චිකිත්සක - ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය කළුතර), යසන්ති තරුෂිකා මිය (පුහුණුකාරිණිය - කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල), නිරෝධා අබේවික්‍රම (කළමනාකාරිණි - විදුහල්පතිනි, කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) මහේෂි කුලසේකර (නායිකාව - මහනුවර මහාමායා විදුහල) සහ ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ (විනිසුරු - සපුගස්කන්ද විශාඛා බාලිකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.