ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ඊයේ (11 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට යුද හමුදාව සහ ආදි රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සමත් විය.
ඊයේ පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 7-3 ක් ලෙස ආදි ආනන්දීය බේස්බෝල් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර එම තරගයේදී ඔවුන්ට ඉනිම් 9 ම ක්‍රීඩා කිරීමට සිදුවිය.
ඊයේ පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 16-0 ක් ලෙස ආසියානු බේස්බෝල් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ආදි රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සමත් වූ අතර ඉහළ ලකුණු පරතරයක් රඳවාගැනීම හේතුවෙන් ඉනිම් 6 ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එම තරගය නතර කෙරිණ.
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පෙරේදා (10 වැනිදා) දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තරගාවලියේ මූලික වටයේ තරග මේ මස 25 වැනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදාත්, අවසන් මහ තරගය ජූලි මස 2 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.