Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද - ගුවන් හමුදා ශූරතා දිනයි
ජාතික බොක්සිං ශූරතාවලිය

යුද - ගුවන් හමුදා ශූරතා දිනයි

editorial - 2023 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 95 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත් සමත් විය. 

රන් පදක්කම් 9 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් යුද හමුදා ක්‍රීඩා සමාජය, ඒ වෙනුවෙන් සාජන් සෙල්ලදොරෙයි අභියෝග කුසලාන හිමිකර ගත්තේය. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනාගනිමින් නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලානට හිමිකම් කීවේ රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් තමන් සතුකර ගනිමිනි. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එල්.අයි.එන්. මල්ෂානිද සම්මාන දිනාගත්හ. 

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ටී.එස්. අධිකාරි තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, අවම බර පංතිය (කිලෝ ග්‍රෑම් 48) යටතේ තරග වැදුණ පොලිස් ක්‍රීඩා සමාජයේ එන්.එස්. වෙල්ලප්පිලි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් තේරී පත්වූහ. 

මේ අතර ගෙවී ගිය වසරේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජයේ රුක්මාල් ප්‍රසන්නද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්.එස්. කුරේද ජාතික බොක්සිං ශූරතාවලියේදී සම්මාන දිනාගත්හ. 

මෙවර ජාතික බොක්සිං ශූරතාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 117 ක් සහ ක්‍රීඩිකාවෝ 40 ක් සහභාගි වූහ. අන්තර් ජාතික බොක්සිං සම්මේලනයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජික ඩයන් ගෝමස් මහතා තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. 

 


අදහස් (0)

යුද - ගුවන් හමුදා ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.