Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුගල බාලක ශූරතාව අර්චනට - කවිඳුට

යුගල බාලක ශූරතාව අර්චනට - කවිඳුට

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලක යුගළ ශූරතාව දිනා ගැනීමට අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක සමත් වූහ.

අවසන් මහ තරගයේදී තරග වට 2-1 ලෙස ආඩවන් පුෂ්පරාජ් සහ නාදීර් නසාර් පරාජය කරමින් අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක බාලක යුගළ ශූරතාවට හිමිකම් කීහ.

තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජයගැනීමට අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක සමත් වූ අතර දෙවැනි ලකුණු වටය 2/6 ක් ලෙස ජයගැනීමට ආඩවන් පුෂ්පරාජ් සහ නාදීර් නසාර් සමත් වූහ. තීර්ණාත්මක තෙවැනි වටය ලකුණු 10/8 ක තියුණු ජයක් අත්කර ගත් අර්චන  සහ කවිඳු සමස්ත තරගයේ ජය ඔවුන් සතුකරගත්හ.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස අවින්ද්‍ර පෙරේරා සහ ඉන්තුජන් සෙල්වරත්නරාජා පරාජය කරමින් ආඩවන් පුෂ්පරාජ් සහ නාදීර් නසාර්අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස මනල් අල්ගම සහ විබුද විජේබණ්ඩාර පරාජය කරමිනි.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස බි්‍රටේනියා සමාගම කටයුතු කරයි. එහි සම අනුග්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගමත් සහ පෙරේරා සහ පුත්‍රයෝ සමාගමත් කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වන්නේ ඩන්ලොප් සමාගමයි.


බාලක යුගළ අවසන් මහ තරගය

■    අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක විසින් තරග වට 2-1 ලෙස ආඩවන් පුෂ්පරාජ් සහ නාදීර් නසාර් පරාජය කරන ලදහ. (6/2, 2/6, 10/8)

 

බාලක යුගළ අවසන් පූර්ව තරග  
■    ආඩවන් පුෂ්පරාජ් සහ නාදීර් නසාර් විසින් තරග වට 2-1 ලෙස අවින්ද්‍ර පෙරේරා සහ ඉන්තුජන් සෙල්වරත්නරාජා පරාජය කරන ලදහ. (6/3, 6/7, 11/9)

■    අර්චන ලොකුගේ සහ කවිඳු දිලූක විසින් තරග වට 2-1 ලෙස මනල් අල්ගම සහ විබුද විජේබණ්ඩාර පරාජය කරන ලදහ. (7/5, 3/6, 11/9)

 


අදහස් (0)

යුගල බාලක ශූරතාව අර්චනට - කවිඳුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.