ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලිකා යුගළ ශූරතාව දිනා ගැනීමට අන්‍යා ගුණවර්ධන සහ ජනාලි මනම්පේරි සමත් වූහ.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස නතාෂා මුණවීර සහ සතී සිල්වා පරාජය කරමින් අන්‍යා සහ ජනාලි බාලිකා යුගළ ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙසත්, දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙසත් ජයගනිමින් අන්‍යා සහ ජනාලි වට 2-0 ක පහසු ජයක් අත්කරගත්හ.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස සිතාරා අඹේවත්ත සහ ටාරා ග්‍රේග් පරාජය කරමින් අන්‍යා සහ ජනාලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නතාෂා මුණවීර සහ සතී සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස සෙහාරා අබේවික්‍රම සහ ඔචිත්‍යා ප්‍රනාන්දු පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස බි්‍රටේනියා සමාගම කටයුතු කරයි. එහි සම අනුග්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගමත් සහ පෙරේරා සහ පුත්‍රයෝ සමාගමත් කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වන්නේ ඩන්ලොප් සමාගමයි.
බාලිකා යුගළ අවසන් මහ තරගය
■ අන්‍යා ගුණවර්ධන සහ ජනාලි මනම්පේරි විසින් තරග වට 2-1 ක් ලෙස නතාෂා මුණවීර සහ සතී සිල්වා පරාජය කරන ලදහ. (6/2, 6/3)
බාලිකා යුගළ අවසන් පූර්ව තරග
■ අන්‍යා ගුණවර්ධන සහ ජනාලි මනම්පේරි විසින් තරග වට 2-0 ක් ලෙස සිතාරා අඹේවත්ත සහ ටාරා ග්‍රේග් පරාජය කරන ලදහ. (6/1, 6/0)
■ නතාෂා මුණවීර සහ සතී සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස සෙහාරා අබේවික්‍රම සහ ඔචිත්‍යා ප්‍රනාන්දු පරාජය කරන ලදහ. (6/1, 6/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.