Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මෝටර් රථ ක්‍රීඩාවට අතුරු කමිටුවක්

මෝටර් රථ ක්‍රීඩාවට අතුරු කමිටුවක්

editorial - 2023 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට්ස් (මෝටර් රථ ක්‍රීඩා) සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් එම සංගමයේ කාර්යයන් ඉදිරියට කරගෙන යෑම සඳහා සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇත. 

ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ තමාට පැවරී ඇති බලතල ප්‍රකාරවය. ඊයේ (9 වැනිදා) ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අමත්‍යවරයා මේ බව ප්‍රකාශයට පත් කළේය.

හිටපු ප්‍රවීන මෝටර් රථ ක්‍රීඩක මහේෂ් ගම්මන්පිල මහතා සභාපතීත්වය දරන මෙම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ඉඳුනිල් රණසිංහ, පුබුදු වික්‍රම, රමීෂ් මහමූර්, නිෂාන් වීරසූරිය, චම්පිකා අමරසේකර සහ සජාඩ් සුහේර් යන මහත්ම මහත්මීහු කටයුතු කරති. 

තවද ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය පැවැත්වීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව එම සංගමයේ විශේෂ මහ සභාවක් කැඳවා එමගින් නිලවරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාට බලය පැවරීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇත. 

ඒ අනුව විශේෂ මහ සභාවේදී පත්වන නිලවරණ කමිටුවට, නිලවරණය කැඳවීමේදී සහ පැවැත්වීමේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කටයුතු කිරීමට සිදුවනු ඇත. 

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසීමකදී අතුරු කමිටු සභාපති ගම්මන්පිල මහතා කියා සිටියේ නොබෝ දිනකදී කමිටු සාමාජිකයන් රැස්වී මෝටර් රථ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් සකස්කොට එය ක්‍රීඩා අමාත්‍යවරයාට පිළිගැන්වීමට බලාපොරොත්තු වන බවය. 


අදහස් (0)

මෝටර් රථ ක්‍රීඩාවට අතුරු කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.