Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේසපන්දු ප්‍රවීනයෝ ත්‍රිත්ව ශූරතා දිනති

මේසපන්දු ප්‍රවීනයෝ ත්‍රිත්ව ශූරතා දිනති

editorial - 2025 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ පිටියේදී නිමාව දුටු ප්‍රවීනයන්ගේ ජාතික මේසපන්දු තරගාවලියේදී ශූරතා තුනක් බැගින් දිනා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව් දෙනෙකු සමත් වූහ.

හිටපු නම ගිය ජාතික මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන ලලිත් ප්‍රියන්ත, නිර්මල ජයසිංහ, උපේකා තොටින්කඩුව හා ඩිට්මා ඩෝරින් එහිදී ත්‍රිත්ව ශූරතා දිනා ගත්තෝ වෙති.

මෙම තරගාවලියට යාපනය ඇතුළු දුරබැහැර ප්‍රදේශ රැසකින්ද තරගකරුවන් සහභාගි වූ බව ප්‍රවීනයන්ගේ ජාතික මේසපන්දු සංගමයේ ලේකම් අයිරා රුවන්පතිරණ මහත්මිය පැවැසුවාය.
   
ඒ අනුව වයස 40 ට වැඩි කාන්තා කේවල, යුගල (නිෂානි වික්‍රමසිංහ සමග) හා මිශ්‍ර යුගල (නිර්මල ජයසිංහ සමග) යන ශූරතා උපේකා විසින් දිනා ගන්නා ලදී.ලලිත් ප්‍රියන්ත විසින් එහිදී දිනා ගත් ත්‍රිත්ව ශූරතා වයස 60 ට වැඩි පිරිම් කේවල, යුගල (ඩිට්මා ඩෝරින් සමග) හා මිශ්‍ර යුගල (අයිරා රුවන්පතිරණ සමග) යන ඉසව් වෙතින් හිමි කර ගන්නා ලදී.

නිර්මල ජයසිංහ විසින් වයස 40 ට වැඩි පිරිමි කේවල, යුගල (රුසිරු තරංග සමග) හා මිශ්‍ර යුගල ( උපේකා තොටින්කඩුව සමග) යන ඉසව්හි ජයග්‍රහන හිමි කර ගත්තේය.ඩිට්මා ඩෝරීන් විසින් තරගාවලියේදී ශූරතා තුනක් දිනා ගත්තේ වයස 70 ට වැඩි පිරිමි කේවල, වයස 60 ට වැඩි යුගල  (ලලිත් ප්‍රියන්ත සමග) හා වයස 50 ට වැඩි මිශ්‍ර යුගල (නිෂානි පැලැන්දගම සමග)යන ඉසව් වෙතිනි.

වයස 40 ට වැඩි කාන්තා කේවල ශූරතාව උපේකා තොටින්කඩුව විසින්ද එහි පිරිමි කේවල ශූරතාව නිර්මල ජයසිංහ විසින්ද ,වයස 50 ට වැඩි කාන්තා ශූරතාව අයෝමි අළුවිහාරේ විසින්ද, එහි පිරිමි ශූරතාව දිල්ෂාන් සෙනවිරත්න විසින්ද දිනා ගන්නා ලදී.

වයස 60 ට වැඩි කාන්ඩයේ ශූරයා වූයේ ලලිත් ප්‍රියන්තය. ශූරිය වූයේ නිල්මිණී විජේතුංගය. වයස 50 ට වැඩි යුගල කාන්තා ශූරතාව ඒ.කේ.නිලන්ති හා සුභාෂිනී දිසානායකට හිමි විය.එහි පිරිමි ශූරතාව චිරාත් දනේෂ හා අමිල රුවන් එගොඩගේ එක්ව දිනා ගත්තේය.

සුමුදු කරුණාරත්න, රාජරත්නම් චෙන්නිල් රාජ්, සුභාෂිනී දිසානායක, චිරාත් දනේෂ, ප්‍රේමාංජනී පෙරේරා, ගාමිණී මොරායස් හා රාජා ඇන්ටන් මෙවර තරගාවලියේ කේවල ඉසව් අනුශූරයෝ වූහ.

- 223


අදහස් (0)

මේසපන්දු ප්‍රවීනයෝ ත්‍රිත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.