ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හෙට (26) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ. අනුමැතිය ලබාගැනීම සඳහා පෞද්ගලික විගණන සමාගමකට ඉදිරිපත් කළ විගනණ වාර්තා අද (25 වැනිදා) වන විටත් ආපසු නොලැබීම නිසා නිලවරණය කල්දැමීමට සිදුවූ බව සංගමයේ ලේකම් කසුන් උදාර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
එම පෞද්ගලික සමාගමෙන් විගනණ වාර්තා අනුමත වී ලැබුණ පසු එය වැඩිදුර සමීක්ෂණය සඳහා රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කළ යුතු බවද, ඊට විගනකාධිපතිවරයාගේ අනුමැතියද ලැබුණ පසු නිලවරණය පැවැත්වීම සඳහා ඉදිරියේදී දිනයක් යොදා ගන්නා බවද උදාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම නිලවරණයේදී සභාපති ධූරය වෙනුවෙන් තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ නාමයෝජනාවට එරෙහිව විරෝධවක් ඉදිරිපත් වී ඇති බවද උදාර මහතා පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ උදාර මහතා කියා සිටියේ නාමයෝජනා ප්‍රකාශයට පත්කෙරුණ දිනයේදී ඒ සඳහා විරෝධතා දැක්වීමට පැයක වේලාවක් ලබාදුන්නද, එහිදී කිසිවෙකු විරෝධතා ඉදිරිපත් නොකළ බවත්, කනක හේරත් මහතාගේ නාමයෝජනාවට එරෙහිව ඉදිරිපත් වී ඇති විරෝධතාව ඊට පසු දිනකදී යමෙක් ක්‍රීඩා අමාත්‍යංශයට වෙත යොමු කර ඇති බවත්ය.
මෙම තත්ත්වය මත නිලවරණය සඳහා ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා වලට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් කාලය ලබා දීමට නිලවරණ කමිටුව පියවර ගෙන ඇති බවද උදාර මහතා අවදාරණය කර සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.