ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සහයෝගයෙන් මීගමුව පවර් ටෙක් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ආධුනික කායවර්ධන තරගාවලියේදී (2016) ශ්‍රී ලංකාවේ පළමු අයෝමය ශූරිය ලෙස දුලංජලී සුභසිංහ තේරී පත්වුවාය.
මෙතෙක් කායවර්ධන තරගාවලි සඳහා කාන්තාවන්ට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවීය. බම්බලපිටිය ෆිට්නස් ඇන්ඞ් හෙල්ත් කිංඩම් ක්‍රීඩා සමාජය නියෝජනය කරන දුලංජලී, තරගාවලියට සහභාගිවෙමින් ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩාව නව මගකට යොමු කළාය.
තරගාවලියේ ආධුනික අයෝමය ශූරයා ලෙස කිලෝග්‍රෑම් 65 බර පංතිය ජයගත් ප්‍රියදසුන කායවර්ධන මධ්‍යස්ථානයේ පී. ඩී. ඉඳුරග සම්මාන දිනා ගත්තේය.
කිලෝග්‍රෑම් 75 බර පංතිය ජයගත් ගුවන් හමුදාවේ ඩබ්.ඒ.ක්‍රිෂාන් දෙවැනි ස්ථානය ද, කිලෝග්‍රෑම් 55 බර පංතිය ජයග්‍රහකයා වු පවර් රික්රෙට් කායවර්ධන ක්‍රීඩා සමාජයේ ටී.ටී. රුවන් පෙරේරා තෙවැනි ස්ථානය දිනාගත්හ.
අයෝමය ශූරයා වු ඉඳුරගට කුසලානයක්, රන් පදක්කමක් සහ සහතිපත සමඟින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.
දෙවැනි ස්ථානය දිනාගත් ක්‍රීඩකයාට රුපියල් 30,000 ක්ද, තෙවැනි ස්ථානය දිනාගත් ක්‍රීඩකයාට රුපියල් 20,000 ක්ද සමඟින් කුසලාන පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කෙරිණ.
අවසන් තරග ප්‍රතිඵල:
කි.ග්‍රෑ. 55 බර පංතිය
1.එම්.ටී.ටී.රුවන් පෙරේරා (පවර් රික්රෙට්), 2.එන්.එස්.ගමගේ (නාවික හමුදාව), 3.එම්.රාජකුමාරන් (පවර් රික්රෙට්)
කි.ග්‍රෑ. 60 බර පංතිය
1.පී.ඩී.රාජපක්‍ෂ (ප්‍රියදසුන කා.ස), 2.ජේ.රොෂාම් (කේ.එන්.කේ.), 3.ආර්.එම්.පෙරේරා (යුද හමුදාව)
කි.ග්‍රෑ. 65 බර පංතිය
1.අයි.පී.ඩී,ඉඳුරග (ප්‍රියදසුන කා.ස.), 2.එච්.පී.ආර්.චතුරංග (නාවික හමුදාව), 3.එම්.යු.පී.ප්‍රනාන්දු (ගුවන් හමුදාව)
කි.ග්‍රෑ. 70 බර පංතිය
1.චින්තක පීරිස් (ආර්.එම්.පී.), 2.ටී.එම්.හේමතිලක (නාවික හමුදාව), 3.ටී.ඩී.පෙරේරා (ශක්ති)
කි.ග්‍රෑ. 75 බර පංතිය
1.එච්.ඩබ්.ඒ.ක්‍රිෂාන් (ගුවන් හමුදාව), 2.ආර්.එම්.එස්. ප්‍රියංකර (ගුවන් හමුදාව), 3.එම්.ඒ.සී.නිරෝෂාන් එම්.ඒ.එම්.)
කි.ග්‍රෑ. 80 බර පංතිය
1.ඩබ්.එම්.චතුරංග (පවර් රික්රෙට්), 2.ජෙහාන් සයිෆ් (සීදුව බොඩිජිම්), 3.ඩබ්.වී.හසිත කාවින්ද (ඒ.අයි.එම්.ෆිට්නස්)
කි.ග්‍රෑ. 85 බර පංතිය
1.දීප්ත විතානගේ (ඩයිනමික්), 2.එස්.ඒ.සී.ගුණරත්න (පවර් ප්ලේන්), 3.එස්.සංජීව (ඩයිනමික්)
කි.ග්‍රෑ. 85 ට වැඩි බර පංතිය
1.එන්.ඊ.වී.ඉෂාර (කේ.එන්.කේ.), 2.නිෂාන් ජයවර්ධන (ඇට්ලාස්), 3.නදීර ගයාන් (මෙගා පවර්)
කනිෂ්ඨ ඉසව්ව
1. ඩබ්.එම්.චතුරංග (පවර් රික්රෙට්), 2.බී.ඩී.එම්.චතුරංග (මිලේනියම්), ඩබ්.එස්.යෝෂිත (පවර් රික්රෙට්)
පී. ඩී. ඉඳුරග, අයෝමය ශූරයා ලෙස සම්මාන දිනාගත් අයුරු. තරගාවලිය සංවිධානය කළ රනිල් සම්පත්, ආසියානු කායවර්ධන සම්මේලනයේ නිලධාරී කේ. එච්. කපිල කුමාර, මෙල්වා ආයතනයේ අධ්‍යක්‍ෂ මුරුගානන්දන්, ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරසිංහ සහ හයිටෙක් සමාගමේ අධ්‍යක්‍ෂ වසන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද මෙහි සිටිති.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.