‘මාජීස්’ කුසලාන වයස 14 න් පහළ පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත් විය. අවසන් මහ තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 28/27 ක තියුණු ජයක් අත්කරගනිමින් බෙනඩික් විදුහල තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස එම ශූරතාවට හිමිකම් කීවේය.
අවසන් පූර්ව වටයේදී ලකුණු 29/28 ක් ලෙස විචර්ලි ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ශාන්ත බෙනඩික් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. මාරිස්ටෙලා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 32/28 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමිනි.
තරගයේ නියමිත වේලාව අවසන් වීමට තත්ත්පර 8 ක් තිබියදීද මාරිස්ටෙලා විදුහල, ශාන්ත බෙනඩික් විදුහලට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටියත් අවසන් මොහොතේ කි‍්‍රයාත්මක වූ බෙනඩික් විදුහල් කී‍්‍රඩකයෝ එම තත්ත්පර කිහිපය ගෙවීයාමට පෙර තවත් ලකුණු 2 ක් ලබාගනිමින් අනපේක්ෂිත ලෙස තරගයේ ජයග‍්‍රහණය තමන් වෙත නතුකරගත්හ.
ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායමේ නායක නවීන් ජේම්ස් තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර තරුෂ රොද්‍රිගූ දක්ෂතම ආරක්ෂාකාරී කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
ඉදිරි පෙළ වමේ සිට - නවීන් ජේම්ස් (නායක), ගිහාන් පෙරේරා (කී‍්‍රඩා භාර ආචාර්ය), යූස්ටර්ස් සහෝදරතුමා (උපදේශක), හෙන්රි දිසානායක සහෝදරතුමා (අධ්‍යක්ෂ), ප‍්‍රවීන් වාස් සහෝදරතුමා (සම්බන්ධිකාරක) සහ ඉයන් යුකෑරිසිට් (උප නායක)
පසු පෙළ වමේ සිට - ඔනෙල් සිල්වා, අනුජ් ගම්ලත්, මිනුර සල්ගාදු, තරුෂ රොද්‍රගූ, අෂිරු කරවිටගේ, ඉමල්ක පෙරේරා සහ ගවීෂ ප‍්‍රනාන්දු
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.