මහනුවර දිස්ත්‍රික් මේසපන්දු සංගමය 5 වැනි වරටත් සංවිධානය කළ ‘සකුණා’ අභියෝග මේසපන්දු තරගාවලියේදී ශූරතා 4 ක් හිමිකර ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට මහනුවර මහාමායා විදුහලේ සාමාධි හෙට්ටිආරච්චි සමත් වූවාය.
වයස 15 න් පහළ බාලිකා ඉසව්වේදී මහනුවර මහාමායා විදුහලේ සඳමිණි කුලරත්න පරාජය කළ සමාධි හෙට්ටිආරච්චි, වයස 18 න් පහළ බාලිකා ඉසව්වේදී එම විදුහලේම දිනිති දිසානායකද, වයස 21 න් පහළ බාලිකා ඉසව්වේදී සඳමිණි කුලරත්නද පරාජය කිරීමට සමත් වූවාය.
ඉන් නොනැවතුණ ඇය විවෘත කාන්තා ඉසව්වේ මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.
විවෘත පිරිමි ඉසව්වේ අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ දිනේෂ් කවිෂ්ක පරාජය කළ මාස් හෝල්ඩිංස් සමාගමේ නිර්මල ජයසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.
දොලුව ජගත් රාජපක්ෂ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350 ක් පමණ සහභාගි වූහ.
|
|
|
|
බාලක තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
ශෆියුල්ලා අක්‍රම් (අල් හූඩා අදර්ෂ පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස ඉෂංක මධුෂාන් (අනුරාධ විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/04
■ වයස 10 න් පහළ
රසිඳු ජයසුන්දර (කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ශෆියුල්ලා අක්‍රම් (අල් හූඩා අදර්ෂ පාසල) පරාජය කරන ලදි. (11/08, 11/06)
■ වයස 12 න් පහළ
ධනුෂ්ක විජේසිංහ (කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ආකේෂ් දිමන්ත (විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/05, 11/06)
■ වයස 15 න් පහළ
චන්දූප අලහකෝන් (කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හර්ෂණ කරඳවෙල (විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/07, 11/13, 11/07, 11/07)
■ වයස 18 න් පහළ
ක්‍රිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දිනේෂ් කවිෂ්ක (විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/05, 13/11, 11/09)
■ වයස 21 න් පහළ
උදය රණසිංහ (විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/08, 09/11, 13/15, 11/07, 17/15)
බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
ඉමාෂා ඉකිරිවත්ත (මහාමායා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස උදානි වීරසූරිය (ශාන්ත අන්තෝනි විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/07)
■ වයස 10 න් පහළ
හසිනි දුල්ලේව (හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දිනෙව්නි දිසානායක (මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/05)
■ වයස 12 න් පහළ
බිමන්දි බණ්ඩාර (හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කවිනි මලල්පොල (හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/08, 11/5)
■ වයස 15 න් පහළ
සමාධි හෙට්ටිආරච්චි (මහාමායා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සඳමිණි කුලරත්න (මහාමායා විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/06, 11/05, 11/05)
■ වයස 18 න් පහළ
සමාධි හෙට්ටිආරච්චි (මහාමායා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දිනිති දිසානායක (මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/06, 12/10, 13/11)
■ වයස 21 න් පහළ
සමාධි හෙට්ටිආරච්චි (මහාමායා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳමිණි කුලරත්න (මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/08, 11/07)
විවෘත තරග ප්‍රතිඵල
■ විවෘත පිරිමි
නිර්මල ජයසිංහ (මාස් හෝල්ඩිංස්) විසින් තරග වට 3-1 ක් ලෙස දිනේෂ් කවිෂ්ක (විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/05, 06/11, 11/02)
■ විවෘත කාන්තා
සමාධි හෙට්ටිආරච්චි (මහාමායා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/09, 12/10, 12/10)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.