ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී පැවැත්වෙන ‘කේරළ’ අන්තර්ජාතික මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ අමල් සුරංග සහ සුමේධ වර්ණකුලසුරිය අද (14) දිවයිනෙන් පිටත්ව ගියහ. මේ මස 16 වැනිදා පැවැත්වෙන මෙම මවුන්ටන් පාපැදි තරගාවලියට රටවල් 20 කින් ක්‍රීඩකයෝ සහභාගිවෙති.
මෙම තරගාවලියේදී වනාන්තර සහ කඳු සහිත දුෂ්කර මාර්ගයන් ඔස්සේ කිලෝමීටර 72 ක දුරක් තරුගකරුවන් පාපැදි පැදයා යුතුය. තරගය ජයගන්නා ක්‍රීඩකයාට ඉන්දීය රුපියල් ලක්ෂ හතරක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
තරගාවලියට සහභාගිවන අමල් සුරංග ගුවන් හමුදාව නියෝජනය කරන අතර සුමේධ වර්ණකුලසුරිය යුද හමුදාව නියෝජනය කරමින් දේශීය තරග සදහා සහභාගිවෙති.
කුඩා ඔය සිට හපුතලේ දක්වා රඵ මාර්ග ඔස්සේ පැවැති මවුන්ටන් පාපැදි තරගාවලියේදී අමල් සහ වර්ණකුලසුරිය දැක් වු දස්කම් නිසා ඔවුන් දෙදෙනාට මෙම තරග සංචාරය හිමිව තිබේ. විදෙස් තරගකරුවන් සිවුදෙනකුම ජයගත් මෙම තරගාවලියේදී අමල්ට පස්වැනි ස්ථානය ද වර්ණකුලසුරියට හයවැනි ස්ථානය ද හිමිවිය.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ කළමනාකරු ලෙස ලෙනාඞ් ස්මිත් මහතා කටයුතු කරයි.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.