Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර කණ්ඩායම ලෝක ශූරතාවලියට යයි

මල්ලවපොර කණ්ඩායම ලෝක ශූරතාවලියට යයි

editorial - 2021 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම , 2021 ලෝක ශූරතා තරගාවලිය සදහා අද (30 වැනිදා) දින කටුනායක ගුවන් තොටුපළෙන් නෝර්වේ බලා පිටත්ව ගියේය.  ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේ හි ඔස්ලෝ නුවර ඔක්තෝබර් මස 02 දින සිට 10 වන දා තෙක් පැවැත්වීමට නියමිතය .

 මෙම තරගාවලියට සහභාගී වීම සඳහා කිලෝ ග්‍රෑම් 74 බර පංතිය යටතේ තරග කිරීමට කණ්ඩායම් නායක ලක්මාල් විජේසූරිය ඉදිරිපත්ව සිටී. කිලෝ ග්‍රෑම් 65 බර පංතිය යටතේ ඩිවෝෂන් ප්‍රනාන්දු ද, කිලෝ ග්‍රෑම් 70 බර පංතිය යටතේ අනිල් මුණසිංහ ද,  කිලෝ ග්‍රෑම් 79 බර පංතිය යටතේ සුරේෂ් චානක ද, කිලෝ ග්‍රෑම් 62 බර පංතිය යටතේ නිලූෂි පෙරේරා ද තරග කරති. 

 කණ්ඩායමේ කළමනාකරු ලෙස ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතාත්  කණ්ඩායමේ පුහුණුකරු වයි.ආර්.සී.ප්‍රනාන්දු මහතාත් කටයුතු කරති. 

ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.669 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස් එතැන් සිට නෝර්වේහි ඔස්ලෝ නුවර බලා පිටත්ව යාමට නියමිතය .

මෙම ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩා සභාවේ අනුමැතිය අවසාන මොහොතේ හිමි වුවද , ක්‍රීඩා අමාත්‍යාංශයේ මුල්‍ය අනුග්‍රහයක් ලැබී නොතිබුණි .


අදහස් (0)

මල්ලවපොර කණ්ඩායම ලෝක ශූරතාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.