Last Update  :  2025-07-02 13:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මලයාසියාවට පරාජයවීමෙන් අවසන් තරගයේ බලාපොරොත්තු ඈතට

මලයාසියාවට පරාජයවීමෙන් අවසන් තරගයේ බලාපොරොත්තු ඈතට

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මලයාසියාවට ඊයේ (30) පැවැති තරගයෙන් ලකුණු 40 - 62 කට පරාජය වීමෙන් කොරියාවේදී පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේ අවසන් මහ තරගයේ ශ්‍රී ලංකා අපේක්ෂා ව්‍යාකූල තත්වයකට පත්ව තිබුණි.

ඊයේ පැවැති මූලික (ලීග්) වටයේ තරගය වට හතරම පෙරමුණ ගනිමින් ලකුණු 40 - 62 කට ජය ගැනීමේදී ලකුණු 10/14 - 9/11 - 8/21 - 13/16 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට මැලේසියානු ක්‍රීඩිකාවෝ එහිදී සමත් වූහ.

එම පරාජයත් සමග ශ්‍රී ලංකාවට සිකුරාදා (3) පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට නිර්දේශ ලැබීමේ අවස්ථාව අල්ප මට්ටමට පැමිණ තිබේ.අද (1) සිංගප්පූරුව සමග පැවැත්වෙන මූලික වටයේ සිය අවසන් තරගයේ තීරණය ඒ සදහා ශ්‍රී ලංකාවට වැදගත් නොවේ.

ඒ අතර ඊයේ පරාජයත් සමග ශ්‍රී ලංකාවට සිකුරාදා නැවැත මලයාසියාව සමග තරගයකට සහභාගි වී අවසන් තරගයේ සිය අවස්ථාව තීරණය කිරීමට සිදුව තිබේ.අවසන් පූර්ව තරගයක ස්වරූපය ගත් එහි ජයග්‍රාහිකාව සිංගප්පූරුව සමග එහිදී අවසන් මහ තරගයට නිර්දේශ ලබයි.

අද ශ්‍රී ලංකාව සමග තරග වදින සිංගප්පූරුවට එහිදී කුමන ප්‍රතිපලයක් අත්වූවත් ඔවුන්ට අවසන් තරගයේ අවස්ථාව හිමිව තිබේ. ඒ තරගාවලියේ  ශූරතා කුසලාන (ඒ) කාණ්ඩයේ ඔවුන්      වැඩිම ප්‍රසාද ලකුණුලාභිණිය බවට පත්ව සිටීමයි.

ඒ අනුව එහි දෙවැනි හා තෙවැනි  ස්ථානවල දැනට පසු වන කණ්ඩායම් දෙකෙන් එකක් අනෙක් පසින් අවසන් තරගයට කැදවා ගෙන ඒම සදහා සිකුරාදා ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර තරගය පැවැත්වේ.

එම තරගයේ පරාජිතයන් හොකොං සමග ශූරතා කුසලාන තෙවැනි ස්ථානය තේරීමේ තරගයට සිකුරාදා සහභාගිවීමට නියමිතය.

ඊයේ තරගයේ පරාජය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ මහත්මිය මෙසේ පැවැසීය.

” අපි 3 - 1 ක් ලෙස හොද ආරම්භයක් ලබා ගත්තා. එක් අවස්ථාවකදී දෙපිල ලකුණු 9 - 9 ක් ලෙස සම වෙලත් හිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චලනි නීසා වගේම උප නායිකාව අනුත්තරා කලුආරච්ච ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන බාෂී උඩගෙදර, මැද පෙළ ක්‍රීඩිකා නෙතංගා කළුආරච්චි මේ අය ඔක්කොම ඊයේ තරගයේදී අසාර්ථක වුණා.

ඒ නිසා නායිකාව වගේම උප නායිකාවත් තරගයේ වැඩි වෙලාවක් එළියේ තියන්න මට සිද්ධ වුණා.ඉදිරි පෙළ ක්‍රීඩිකා ෂෙනෝන් ද සිල්වා වගේම කණ්ඩායමේ ළාබාලම ක්‍රීඩිකාව වන පන්දු විදින්නී මිහිදුම් කීර්තිසිරි යම් තරමක් ඊයේ තරගයේ සාර්ථක බවක් පෙන්නු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වුණා.

ඊයේ තරගයේ සිදුවීම් එක්ක අද සිංගප්පූරුව සමග තරගයේදී කණ්ඩායමේ විශාල වෙනසක් කිරීමට මට සිද්ධවී තිබෙනවා.”


අදහස් (0)

මලයාසියාවට පරාජයවීමෙන් අවසන් තරගයේ බලාපොරොත්තු ඈතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.