දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී සිකුරාදා (19 වැනිදා) ආරම්භ වූ XVII වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ආවරණය කිරීමට ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට නිකුත් කළ ආරාධනා පත් ශ්‍රී ලංකාවෙන් ගිය වෙනත් නිලධාරියකු අනවසරයෙන් රැගෙන යෑම නිසා ඉංචියොන් නුවරට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සමාරම්භක උළෙල ආවරණය කිරීමට නොහැකි විය.
ආරාධනා පත් ලබා ගැනීමට ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 100 ක පමණ දුරක් ගෙවා සමාරම්භක උළෙල පැවැති ප්‍රධාන ක්‍රීඩාංගණයට ගිය මාධ්‍යවේදීන්ට සමාරම්භක උළෙල අවසන් වන තුරු ක්‍රීඩාංගණයෙන් පිටත රැදී සිටිමට සිදුවිය.
ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් වෙනුවෙන් ආරාධනා පත් 7 ක් නිකුත් කර තිබූ අතර ඒවා කිසියම් නිලධාරියකු තමන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා බව තහවුරු කරමින් එදින පෙරවරුවේ ආරාධනා පත් සහ ස්ටිකර් රැගෙන ගොස් තිබුණි.
මෙම නොමනා කි‍්‍රයාවට සම්බන්ධ නිලධාරියා ආසියානු ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට මෙතෙක් කොරියාව බලා නොපැමිණි, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක ක්‍රීඩා කර්තෘවරයකුගේ නමක්, දුරකථන අංකයක් සහ අත්සනක් යොදා ඇතැයි වාර්තා වේ.
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මාධ්‍ය හැදුනුම්පත් සකස් කළද ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට නොපැමිණි මාධ්‍යවේදීන්ගේ නම් මෙම අරාධනා පත් ලබා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරමින් නම් හතක් වෙනුවෙන් එකම අත්සනක් යොදා තිබුණි. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ආයතන කීපයක මාධ්‍යවේදීන්ගේ නම්ද ඒ සඳහා යොදාගෙන තිබුණි.
ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට ඒ වන විටත් පැමිණ සිටි නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘවරයකුගේ නමක් පමණක් මෙම නම් ලයිස්තුවට ඇතුළත්ව තිබූ අතර ඔහුගේ ආරාධනා පත්‍රය තමන්ගෙන් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් භාර නිලධාරියා වන කොන්රඞ් ෆ්‍රැන්සිස් මහතා ඊමේල් පණිවුඩයක් යොමු කර තිබුණි.
කෙසේ වෙතත් ප්‍රධාන ක්‍රීඩාංගණයට ගිය එම මාධ්යවේදීයාටද කොන්රඞ් ෆ්‍රැන්සිස් මහතා සොයා ගැනීමට නොහැකි විය.
මාධ්‍ය හදුනුම්පත් සකස් කළද ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට නොපැමිණෙන මාධ්‍යවේදීන් පිළිබදව ඉතාමත් හොද දැනුමක් තිබූ පුද්ගලයකු මේ අයථා කි‍්‍රයාවට සම්බන්ධ වී ඇති බව එම ආරාධනාපත් ලබාගෙන තිබූ ආකාරයෙන් පැහැදිළි වේ.
එම තත්ත්වය හමුවේ ‘ඉංචියොන්’ නුවරට ගිය ඇතැම් මාධ්‍යවේදීන්ට රූපවාහිනිය බලා සමාරම්භක උළෙල වාර්තා කිරීමට සිදුවිය. ඇතැම් මාධ්‍යවේදීන් විවිධ ක්‍රම මගින් සමාරම්භක උළෙල නැරඹීමේ අවස්ථාව ලබාගත්ත ද ඔවුන්ට ප්‍රධාන ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියට ඇතුල්වීමේ අවස්ථාව අහිමිවිය.
මේ පිළිබදව කළ විමසුමකදී සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියකු පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනගහණය අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සදහා ආරාධනා පත් 7 ක් නිකුත් කළ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.