සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ මිශ්‍ර යුගළ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම මූලික වටයේ තරග වලදී පරාජයට පත් විය.
එහිදී දිෂංක තෙන්නකෝන් සහ නතාෂා සඳවිනී චීනයේ ලියූ ජියා සහ ශාන් ලිපිං හමුවේ පරාජයට පත් වූ අතර සංදේෂ් නිස්සංක සහ ඉමාෂා ද සිල්වා ඉන්දුනීසියාවේ රාෆී රාමධාන් සහ නොවිටා ඔක්ටර්යානි හමුවේ පරාජයට පත්වූහ.
එම තරග දෙකේදී එක් වටයක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් අපොහොසත් වූ අතර තරග දෙකේදීම වට 3-0 ක් ලෙස පරාජයට පත් විය.
මිශ්‍ර යුගළ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි වූ තරග
■ ලියූ ජියා සහ ශාන් ලිපිං (චීනය) විසින් තරග වට 3-0 ක් ලෙස දිෂංක තෙන්නකෝන් සහ නතාෂා සඳවිනී පරාජය කරන ලදහ. (11/3, 11/9, 11/5)
■ රාෆී රාමධාන් සහ නොවිටා ඔක්ටර්යානි විසින් තරග වට 3-0 ක් ලෙස සංදේෂ් නිස්සංක සහ ඉමාෂා ද සිල්වා පරාජය කරන ලදහ. (11/5, 11/2, 11/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.