ඉන්දියාවේ ශිලෝන් නගරයේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේදී දිනිදු දසුන් සපරමාදු සහ රුවන් තිළිණ වීරසේකර රිදී පදක්කම් දෙකක් දිනාගත්හ. දිනිදු, කිලෝග්රෑම් 64 බර පංතියෙන් ද, රුවන් කිලෝග්රෑම් 56 බර පංතියෙන් ද මෙලෙස රිදී පදක්කම් ලැබුහ. මෙම රිදී පදක්කම් දෙකට අමතරව තවත් ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත්වුහ.
තිවංක රණසිංහ (කි.ග්රෑ.49), ඉෂාන් සෙනෙවිරත්න (කි.ග්රෑ.52), ගයාන් ජයවීර (කි.ග්රෑ.60) සහ සිසිර කුමාරසිංහ (කි.ග්රෑ 69) යන ශ්රි ලංකා ක්රීඩකයෝ පිරිමි බර පංතිවලින් ලෝකඩ පදක්කම් දිනාගත්හ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.