Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බොක්සිං ක‍්‍රීඩිකා එරන්දි දෙවැනි වටයෙන් නවතී

බොක්සිං ක‍්‍රීඩිකා එරන්දි දෙවැනි වටයෙන් නවතී

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වූ අද (28) ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩිකා එරන්දි ගිම්හානි ද සිල්වා කිලෝග‍්‍රෑම් 51 බර ෆ්ලයි බර පංතියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් පරාජයට වූවාය.

ඉන්චියොන්හි සොංහක් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (28) පස්වරුවේ පැවැති 16 දෙනාගේ වටයේ තරගයේදී එරන්දි 3-0 කින් මොන්ගෝලියානු ක‍්‍රීඩිකා නන්ජික්සෙසෙග් හමුවේ පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූවාය.

මෙම තරගය ඉතාමත් තියුණු එකක් වූ අතර මොන්ගෝලියානු ක‍්‍රීඩිකාව දැඩි වෙහෙසකින් පසුව ජය ලැබීමට සමත් වූවාය. මොන්ගෝලියානු ක‍්‍රීඩිකාව 40-36, 40-35 සහ 39-36 ක් ලෙස ලකුණු සටහන් කර තිබුණි.

එරන්දිගෙන් වේගවත් පහරක්...

පළමු විනිසුරුගෙන් එරන්දිට ලකුණු බැගින් අහිමිවී තිබුණි. දෙවැනි විනිසුරු හතරවැනි වටයේදී එරන්දිගේ ලකුණු 2 ක් අහිමිකර තිබූ අතර දෙවැනි වටයේදී තෙවැනි විනිසුරු 10-9 ක් ලෙස එරන්දිට වැඩිම ලකුණු ලබාදී තිබුණි.  

‘‘පදක්කමක් දිනා ගන්නමයි ආවේ. මේ තරගයේදී අත් ආවරණ ගලවන විට මම හිතුවේ මම දිනුම් දිනුම් කියලා” යැයි තරගය අවසන් වීමෙන් පසුව එරන්දි පැවසුවාය.

එරන්දි ඊයේ (27) 3-0 කින් මැකාවෝ ක‍්‍රීඩිකා මැක් කිට් පහසුවෙන් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව තරගයට පැමිණියාය.

එරන්දි පෙරේදා විශිෂ්ට ලෙස මැකිවෝ ක‍්‍රීඩිකාව වෙතට යොමු වෙමින් ප‍්‍රහාර එල්ල කිරීමත් සමග ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකවට පසු බැසීමට සිදුවූවාය. ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාවට වඩා තරමක් උස ක‍්‍රීඩිකාවක් වූ එරන්දි ඉන් ප‍්‍රයෝජන ගනිමින් අතේ දිග මනාව යොදා ගනිමින් ප‍්‍රහාරය දියක් කළාය.

එරන්දි පළමු වටය ලකුණු 40-34 කින්, දෙවැනි වටය 40-34 කින් සහ තෙවැනි වටය ලකුණු 40-35 කින් ජය ලැබුවාය.  

එරන්දි වට හතරේදී විනිසුරුවන් තිදෙනාගෙන් ලකුණු 10 බැගින් සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

මැකාවෝ ක‍්‍රීඩිකාවට පළමු වටයේදී තෙවැනි විනිසුරුගෙන් ලකුණු 2 ක් ද, සිවුවැනි වටයේදී දෙවැනි විනිසුරුගෙන් ලකුණු දෙකක් ද, අහිමිවූහ. මැකාවෝ ක‍්‍රීඩිකාව තෙවැනි වටයේදී ලකුණු 36 ක් ලබා ගත්ත ද දඩුවම් ලකුණත් කපා හැරීමෙන් ලකුණු 35 ක් බවට පත්විය.

විසිඅට වැනි වියේ පසු වන එරන්දි මාස් හෝල්ඩින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන්නීය.

ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න අද (28) පස්වරුවේ කිලෝග‍්‍රෑම් 75 බර පංතියේ පළමු වටයේ තරගයේදී චීන ක‍්‍රීඩිකා ලින් කුයන්ට එරෙහිව තරගයට සහභාගි වීමට නියමිතව සිටියාය.

කිලෝග‍්‍රෑම් 64 බර පංතිය නියෝජනය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක මොහොමඞ් ඩිල්ෂාන් අද (28) පස්වරු 7.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ඉරාන ක‍්‍රීඩක කඞීම් සාම් සමග තරගයට සහභාගි වීමට නියමිතව තිබුණි.

ශ‍්‍රී ලංකා මල්ලපොර ක‍්‍රීඩක චාමර මිලින්ද පෙරේරා අද (28) පස්වරුවේ කිලෝග‍්‍රෑම් 65 බර පංතියේ පළමු තරගයට සහභාගි වූ අතර එහිදී මොග්ගොලියානු ක‍්‍රීඩක බට්චුලූන් බට්මග්නයි හමුවේ වට 4-0 කින් පරාජයට පත්විය.

ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩක දිලංක සුරේෂ් ඊයේ (27) රාත‍්‍රි සහභාගි වූ කිලෝග‍්‍රෑම් 52 බර පංතියේදී පළමු වටයේ තරගයේදී ජපාන ක‍්‍රීඩක හෂිඩා ෂෝතා හමුවේ 3-0 කින් පරාජයට පත්විය.

 

 

 


අදහස් (0)

බොක්සිං ක‍්‍රීඩිකා එරන්දි දෙවැනි වටයෙන් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.