Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බේස්බෝල් ශූරතාව ග්ලැඩියේටර්ස් පිලට

බේස්බෝල් ශූරතාව ග්ලැඩියේටර්ස් පිලට

ශනුක අරවින්ද - 2016 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික බේස්බෝල් කී‍්‍රඩකයන්ගේ සංගමය සංවිධානය කළ සුහද බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අමිල බන්දු පතිරාජ නායකත්වය දරූ ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා 1995 වසරේ සිට 2016 වසර දක්වා ජාතික බේස්බෝල් කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයෝ 45 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. එහිදී ඔවුන් වොරියර්ස්, ග්ලැඩියේටර්ස් සහ නයිට්ස් ලෙස කණ්ඩායම් 3 කින් ලීග් ක‍්‍රමයට තරග වැදිණ.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස අමිල බන්දු පතිරාජ සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරු ලෙස සුභාෂ් ගුණසිංහද, දක්ෂතම පන්දුයවන්නා ලෙස සංජීව ජයරත්නද, දක්ෂතම පන්දු රකින්නා ලෙස සාලිය අනුරාධද සම්මාන දිනාගත්හ.

හිටපු බේස්බෝල් කී‍්‍රඩකයන් සහ වත්මන් බේස්බෝල් කී‍්‍රඩකයන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් කී‍්‍රඩාවේ දියුණුව සඳහා ඔවුන් සියලූදෙනාගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කෙරිණ.

 

 

 


අදහස් (0)

බේස්බෝල් ශූරතාව ග්ලැඩියේටර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.