Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බැඞ්මින්ටන් පිලට පදක්කම් 6 ක්

බැඞ්මින්ටන් පිලට පදක්කම් 6 ක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බහරේන් කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ. බහරේන්හි ඉසා නගරයේදී දින 4 ක් පුරා පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, කමෝද් හැළඹගේ සහ තිළිණි හෙන්දහේවා යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගීවූහ.

එහිදී ඉන්දියානු කී‍්‍රඩක සිපානි සාහිල් පරාජය කරමන් පිරිමි කේවල රන් පදක්කම දිනාගත් බුවනෙක ගුණතිලක, ඉන් නොනැවතී සචින් ඩයස් සමග එක්ව බහරේන් කී‍්‍රඩක ඊබ‍්‍රහීම් අඩාන් සහ සිරියානු කී‍්‍රඩක මහමුද් අරාම් පරාජය කරමින් පිරිමි යුගල රන් පදක්කම දිනාගැනීමටද සමත්විය. තිළිණි හෙන්දහේවා සහ සචින් ඩයස් මිශ‍්‍ර යුගල රන් පදක්කම දිනාගත්තේ සිරියානු කී‍්‍රඩක මහමුද් අරාම් සහ කී‍්‍රඩිකා මහමුද් සානා පරාජය කරමිනි.

පිරිමි කේවල ඉසව්වේදී සචින් ඩයස් සහ කමොද් හැළඹගේ ලෝකඩ පදක්කම් දිනාගත් අතර කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගයකදී ඉතා තියුණු සටනකින් අනතුරුව සිරියාවේ මෙහෙමුද් සානා හමුවේ පරාජයට පත්වූ තිළිණි හෙන්දහේවාට එම ඉසව්වේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

ලෝක බැඞ්මින්ටන් සම්මේලනය සහ බහරේන් බැඞ්මින්ටන් සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළ අතර ඊට සහභාගීවූ ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිවුදෙනාම පදක්කම් දිනාගැනීම කැපීපෙනෙන සිදුවීමක් විය.


ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගීවූ අවසන් වටයේ තරග වල ප‍්‍රතිඵල

 

පිරිමි කේවල රන් පදක්කම -
බුවනෙක ගුණතිලක විසින් තරග වට 2-0 ක් ලෙස සිපානි සාහිල් (ඉන්දියාව) පරාජය කරන ලදී. (21/19, 21/9)

පිරිමි යුගළ රන් පදක්කම -
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් තරග වට 2-0 ක් ලෙස ඊබ‍්‍රහීම් අඩාන් (බහරේන්) සහ මහමුද් අරාම් (සිරියාව) පරාජය කරන ලදහ. (21/11, 21/9)

මිශ‍්‍ර යුගල රන් පදක්කම -
සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසින් තරග වට 2-0 ක් ලෙස මහමුද් අරාම් සහ මහමුද් සානා (සිරියාව) පරාජය කරන ලදහ. (21/13, 21/19)

පිරිමි කේවල ලෝකඩ පදක්කම -
බුවනෙක ගුණතිලක විසින් තරග වට 2-1 ක් ලෙස සචින් ඩයස් පරාජය කරන ලදී. (14/21, 21/16, 21/11)

පිරිමි කේවල ලෝකඩ පදක්කම -
සිපානි සාහිල් (ඉන්දියාව) විසින් තරග වට 2-1 ක් ලෙස කමොද් හැලඹගේ පරාජය කරන ලදී. (21/9, 21/23, 21/10)

කාන්තා කේවල ලෝකඩ පදක්කම -
මහමුද් සානා (සිරියාව) විසින් තරග වට 2-0 ක් තිළිණි හෙන්දහේවා පරාජය කරන ලදී. (23/21, 22/20)

 


අදහස් (0)

බැඞ්මින්ටන් පිලට පදක්කම් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.