Last Update  :  2025-05-01 19:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බාලක ශූරතාව තෝමස් විදුහලට... බාලිකා ශූරතාව ශුද්ධ වූ පවුලේ බාලිකාවන්ට
සමස්ත ලංකා පාසල් 20 න් පහළ හොකී

බාලක ශූරතාව තෝමස් විදුහලට... බාලිකා ශූරතාව ශුද්ධ වූ පවුලේ බාලිකාවන්ට

editorial - 2025 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ මහේෂ් කිර්තිරත්න)

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් පැවැති සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය. එහි අනුශූරතාව කොළඹ රාජකීය විදුහලට හිමිවිය. 

වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා  විදුහල එහි බාලිකා තරගාවලියේ ශූරතාව දිනාගත් අතර මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලට එහි අනු ශූරතාව හිමිවිය. 

මෙවර තරගාවලියේ විනීතම බාලක කණ්ඩායමට හිමි "රංජීව කුලතුංග අනුස්මරණ කුසලානය" මහනුවර ත්‍රිත්ව විදුහල විසින් දිනාගන්නා ලදි. විනීතම බාලිකා කණ්ඩායමට හිමි "රංජීව කුලතුංග අනුස්මරණ කුසලානය"  කොළඹ විශාඛා විදුහලට හිමිවිය. 

බාලක තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී මහනුවර ත්‍රිත්ව විදුහල පරදා මාතලේ ශාන්ත තෝමස් විදුහල ද ශාන්ත ජෝශප් විදුහල පරදවා කොළඹ රාජකීය විදුහල ද අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.  අවසාන තරගයේ දී මාතලේ ශාන්ත තෝමස් විදුහල විසින් කොළඹ රාජකීය විදුහල ගෝල 4 - 0 ක් ලෙස පරාජය කරන ලදි. 

බාලක තරගාවලියේ  "බඳුන" ශූරතාව සමව දිනා ගැනීමට බදුල්ල ධර්මදූත විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල සමත් වූහ.  "පළිහ" සම ශූරතාව මහනුවර කිංග්ස්වුඩ් විදුහලට සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලට හිමිවිය. 

බාලිකා අවසන් පූර්ව වටයේ දී ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල විසින් නාවල ජනාධිපති බාලිකා විදුහල ද, මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල විසින් කොළඹ විශාඛා විදුහල ද පරාජය කරන ලදි. අවසාන තරගයේ දී ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල විසින් ගෝල 3 - 1 ක් ලෙසින්  මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල පරාජය කරන ලදි. 

බාලිකා තරගාවලියේ "බඳුන"  ශූරතාව පානදුර බාලිකා විදුහල විසින් දිනාගන්නා ලද  අතර මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විදුහලට එහි අනු ශූරතාව හිමි විය.  බාලිකා "පළිහ" ශූරතාව ගාල්ල සවුත්ලන්ඩ් විදුහල සතු විය. 

මාතලේ එඩ්වඩ් උද්‍යාන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැති මෙවර තරගාවලියේ තරග කිහිපයක් නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගෙන තිබිණ. 

 

බාලක ශූරතාව දිනාගත් මාතලේ ශාන්ත තෝමස් විදුහල

 

බාලිකා ශූරතාව දිනාගත් වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල කුසලාන ලබාගත් අවස්ථාව... 

 

අදහස් (0)

බාලක ශූරතාව තෝමස් විදුහලට... බාලිකා ශූරතාව ශුද්ධ වූ පවුලේ බාලිකාවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.