Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බර ඉසිලීමේ තරගාවලි 3 ක බලාපොරොත්තු

බර ඉසිලීමේ තරගාවලි 3 ක බලාපොරොත්තු

editorial - 2021 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නුවරදී පැවැත්වීමට නියමිත බර ඉසිලීමේ ලෝක ශූරතාවලිය ඇතුළු ප්‍රධානතම අන්තර් ජාතික බර ඉසිලීමේ තරග මාලා තුනක් සඳහා ශ්‍රී ලංකාව සහභාගිවීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාතික මල්ලවපොර පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා පවසයි.

උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නුවරදී ලබන දෙසැම්බර් 7 වැනිදා සිට 17 වැනිදා දක්වා ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය මෙන්ම පොදුරාජ්‍යය මණ්‍ඩලයීය බර ඉසිලීමේ තරගාවලියද පැවැත්වේ. මෙම තරගාවලි දෙකම එකිනෙකට සමගාමීව පවත්වා අවසන් කිරීමට නියමිතය.

ආසියානු ශූරතා තරගාවලිය (2021) පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසයේදීය. එහෙත් නොවැම්බර් මාසයේ දිනයක  ආසියානු ශූරතා තරගාවලිය පැවැත්වෙන බව ප්‍රකාශ කිරීම හැරෙන්නට තරගාවලිය පැවැත්වෙන දින මේ දක්වා තහවුරු කර නැත.

ජාතික බර ඉසිලීමේ පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේ මෙම ජාත්‍යන්තර තරගාවලියද ඉලක්ක කරමින් මේ වනවිට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ අනුමැතියෙන් ජාතික පුහුණු සංචිතය හැරෙන්නට උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයක්ද දැනට ක්‍රියාත්මකව පවතින බවයි. උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12 දෙනෙක් හා ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 28  දෙනෙක් පුහුණුවීම් කරති.

කොවිඩ් උවදුර හමුවේ ශ්‍රී ලංකාවට පසුගිය කාලයේ ජාත්‍යන්තර තරග කීපයක සහභාගීත්වය අත්හැර දැමීමට සිදුවුවත් කොවිඩ් නීතිරීති වලට අනුගතව මෙම පුහුණු සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකදී දෛනික පුහුණුවීම් පවත්වා ගෙන යන බව වික්‍රමසිංහ මහතා පවසයි. එම පුහුණුවීම් සම්බන්ධීකරණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ

බර ඉසිළීමෙන් ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමෙන් ශ්‍රී ලංකාව කීර්තියක් උසුළන අතර අවසන් වරට පසුගිය අප්‍රේල් මාසයේ ටෂ්කන්ට් නුවරදී පැවැති 2020 ආසියානු බර ඉසිළීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.

කිලෝ ග්‍රෑම් 55 බර පංතිය (පිරිමි) ඉසව්වෙන් ඩිලන්ත ඉසුරු කුමාර ‘ක්ලින් ඇන්ඩ් ජර්ක්’ ක්‍රමයට රිදී පදක්කමක් දිනාගත් අතර එම බර පන්තියේම සම්පූර්ණ බර අනුව  ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.  2019 දෙසැම්බර් මාසයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි ‘සාෆ්’ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව බර ඉසිලීමෙන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් අටක් හා ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.

ලෝක ශූරතාවලිය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලිය එකම කාල වකවානුවක් තුළදී පැවැත්වීමේදී ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් නිර්දේශ කරන බව ජාතික පුහුණුකරු වික්‍රමසිංහ මහතා පවසයි.

 


අදහස් (0)

බර ඉසිලීමේ තරගාවලි 3 ක බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.