පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගමාලාවේ යොවුන් සහ කනිෂ්ඨ තරගවට සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම් සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරග මෙම 13 වැනිදා පෙරවරු 7.00 සිට ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
තරගාවලිය ඔක්තෝබර් මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වීමට නියමිතය.
වයස 20 න් පහළ සහ 17 න් පහළ (පිරිමි/කාන්තා) වයස් කාණ්ඩ දෙකින් එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තෝරා ගැනෙති. බර පංතිවලින් නියමිත පරිසාධන මට්ටම සපුරාලන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.
ජාත්‍යන්තර සහ දේශීය ප‍්‍රධානතම තරගාවලිවලදී මේ දක්වා පෙන්වා ඇති දස්කම් මත ජේ්‍යෂ්ඨ තරග සදහා සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට නිර්දේශ කෙරෙන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.