ඉන්දියාවේ දැන් පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී (කාන්තා) ශ‍්‍රී ලංකාවේ ඉෂානි අනුෂ්කා කලූතන්ත‍්‍රී කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතියෙන් රිදී පදක්කම අද (9) දිනා ගත්තාය.
ඉෂානී තරගයේදී කිලෝග‍්‍රෑම් 173 ක බර ප‍්‍රමාණයක් ඔසවමින් මෙම දස්කම දැක්වුවාය. ඉන්දියාවේ සුෂිලා පන්වාර් (කි.ග‍්‍රෑ. 198) රන් පදක්කම දිනාගත් අතර නේපාලයේ තාරා දේවිපුන් ට (කි.ග‍්‍රෑ. 165) එහි ලෝකඩ පදක්කම හිමිවිය.
බර ඉසිලීමේ ක‍්‍රීඩක සමන් අබේවික‍්‍රම කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතියෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට අද සමත්විය. ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මේ වන විට සාග් ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව සිටිති.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.