Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල )
පස්වැනි වරටත් පැවැති බටහිර ආසියානු (යොවුන්) චෙස් තරගාවලියේ දී රන් පදක්කමක් ඇතුළු පදක්කම් 16 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් ව සිටිති. මෙම කණ්ඩායම අද (23 වැනිදා) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම තරගාවලිය මේ මස 15 වැනිදා සිට මාලදිවයිනේදී පැවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 23 දෙනෙක් සහභාගී වූහ.
ඔව්හු රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගත්හ. වේග රිද්ම සහ අධිවේගී ඇතුළු කාණ්ඩ 12 ක් යටතේ මෙම තරගාවලියේ තරග පැවැත්විණ.
ඒ අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා වයස අවුරුදු 18 න් පහළ කාණ්ඩයේ තරගයෙන් රන් පදක්කම දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ශූරයාද වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියෝ සහ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
(ඡායාරූපය - සුසිල් ප්‍රියන්ත)
(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල)
Sampath Friday, 24 June 2022 02:14 PM
උණුසුම් සුබපැතුම් සියලුම දෙනාට!.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.