Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුෂ්පකුමාර - සමුදිකා රන් පදක්කම් දිනති
48 වැනි ජාතික මහ ක්‍රීඩා

පුෂ්පකුමාර - සමුදිකා රන් පදක්කම් දිනති

editorial - 2024 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැති 48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ ශූරතා තරගාවලියේ කාන්තා ඉසව්වේ රන් පදක්කම මධ්‍යම පළාතේ සමුදිකා හේරත් විසින් ද, එහි පිරිමි ඉසව්වේ රන් පදක්කම බස්නාහිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්පකුමාර විසින් ද දිනා ගන්නා ලදී. 

මෙම වසරට නියමිත 48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු ක්‍රීඩා ඉසව්ව ලෙස පැවැති මේ සඳහා දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 79 දෙනක් සහ ක්‍රීඩිකාවෝ 47 දෙනෙක් සහභාගි වූහ. මෙම කාන්තා සහ පිරිමි ඉසව් දෙකේම දුර කිලෝමීටර 10ක අගයක් ගත්තේය.

පිරිමි ඉසව්වේ අවසානය විශේෂත්වයක් ගත්තේ තියුණු තරගයකින් පසුව සමාන නිමි කාලයකට (විනාඩි 34 තත්පර 04) රන් පදක්කම්ලාභී පුෂ්පකුමාර සහ දෙවැනි ස්ථානයට පත් මධ්‍යම පළාතේ බී. වක්ෂාන් තරගය නිමා කිරීමට සමත් වීමයි.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්, රියර් අද්මිරාල්, මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණයෙන් මෙවර සිව් වසරකට පසුව සංවිධානය වූ තරගාවලියේ රන් පදක්කම්ලාභීන් දෙදෙනාට රුපියල් 50,000ක් බැගින් ප්‍රදානය කිරීම හැරෙන්නට තරගාවලියේ 10 වැනි ස්ථාන දක්වා තරගකරුවන් හා තරගකාරියන් සඳහා රුපියල් 4,36,000ක මුදලක් ත්‍යාග ලෙස බෙදා දීමට කටයුතු කෙරුණි.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී දැඩි උත්සාහයකින් පසුව තරගාවලිය පැවැත්වීමට අවසර ලබා ගත් බවත්, එහිදී ආසියනු රට හරහා දිවීමේ පදක්කම්ලාභී කාතන් චන්දාස් සහ දකුණු ආසියානු පදක්කම්ලාභී ලයන් සමරජීව යන මහත්වරුන්ගේ මග පෙන්වීමෙන් තරග ඉසව් අධීක්‍ෂණය කළ බවත් ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසීය. 

අවසන් වරට 2019 දී පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි ඉසව්ව ජයගත් ඌව පළාතේ එරන්ද තෙන්නකෝන් මෙවර තෙවැනි ස්ථානය තෙක් පහළට වැටී තිබුණි. 

මෙවර 48 වැනි වරටත් පැවැත්වෙන ජාතික මහ ක්‍රීඩා උළෙලේ සෙසු තරග ඉසව් ලබන ජුනි මාසයේ සිට පැවැත්වීම ආරම්භ වේ. ක්‍රීඩා ඉසව් 30ක් පවත්වා අවසන් කිරීමේදී ක්‍රීඩා උළෙලේ නිමාව සටහන් වන්නේ ජුලි 17, 18, 19 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මලල ක්‍රීඩා තරගාවලියෙනි. 

 

48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග ප්‍රතිඵල

කාන්තා ඉසව්ව (කිලෝමීටර 10)
1. සමුදිකා හේරත් (මධ්‍යම – විනාඩි 39 තත්පර 30)
2. රසාරා විජේසූරිය (නැගෙනහිර – 39.32)
3. ඩබ්ලිව්.එන්.එම්. නිදර්ශනි (ඌව – 39.50)
4. එන්.එස්.පී.එම්. පෙරේරා (බස්නාහිර – 40.29)
5. ඒ.එල්.එන්. ආරියදාස (සබරගමුව – 40.49)
6. අජන්තා කුමාරි (මධ්‍යම – 41.23)
7. ඒ.එල්.එස්.ඩී. ලියනගේ (සබරගමුව – 41.56)
8. ඒ.එස්.එන්. බණ්ඩාර (සබරගමුව – 42.08)
9. සඳරේණු ප්‍රනාන්දු (බස්නාහිර – 42.27)
10. ශෂිකලා ඩිල්ෂානි (දකුණ – 43.04).

 

පිරිමි ඉසව්ව (කිලෝමීටර 10)
1. ආර්.එම්.එස්. පුෂ්පකුමාර (බස්නාහිර – විනාඩි 34 තත්පර 04),
2. බී. වක්ෂාන් (මධ්‍යම - 34.04)
3. එරන්ද තෙන්නකෝන් (ඌව - 34.38),
4. සරත් කුමාර (ඌව – 35.24)
5. එස්. ගෝපිනාතන් (ඌව - 35.28),
6. ජේ.කේ. බණ්ඩාර (මධ්‍යම - 35.38),
7. කේ.එන්.පී. කුමාර (වයඹ – 35.46)
8. ඩී.ජී.ජේ. විජේනායක (බස්නාහිර - 35.49)
9. ඩබ්ලිව්.එම්.එස්. කුමාර (වයඹ – 35.53)
10. කේ.එම්.එම්. විජේරත්න (නැගෙනහිර – 36.00)


අදහස් (0)

පුෂ්පකුමාර - සමුදිකා රන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.