Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් සංගමයේ ලේකම්ට එරෙහිව වූෂූ විනිසුරුවරු අගමැතිනියට ලියති

පාසල් සංගමයේ ලේකම්ට එරෙහිව වූෂූ විනිසුරුවරු අගමැතිනියට ලියති

editorial - 2025 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ශ්‍රී ලංකා පාසල් වූෂූ සංගමයේ ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් කරන්න”යි ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය සහ ශ්‍රී ලංකා වූෂූ විනිසුරු සභාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 

ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන්ට සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්, බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂකවරිය සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාටත් පිටපත් සහිතව එම ලිඛිත පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. 

කොළඹ අශෝක විද්‍යාලයේදී පසුගියදා පැවැති බස්නාහිර පළාත් වූෂූ තරගාවලිය නිමාවීමෙන් පසු එම තරගාවලිය විනිශ්චය කළ විනිසුරුවරුන් අපහසුතාවට පත්වන පරිදි, ශ්‍රී ලංකා පාසල් වූෂූ සංගමයේ ලේකම්වරයා, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස
දෝෂාරෝපණය කර ඇතැයි ද ශ්‍රී ලංකා වූෂූ විනිසුරු සභාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත පැමිණිලි කර තිබේ. 

තරගාවලියට දින තුනකට පෙරදී බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරිය විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම තරගාවලියට විනිසුරුවරුන් අනුයුක්ත කළ බව ශ්‍රී ලංකා වූෂූ විනිසුරු සභාව කියයි. එසේ වුවත් ශ්‍රී ලංකා පාසල් වූෂූ සංගමය මෙම විනිසුරුවරුන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ සලසා නොදුන් බවත් ඒ වෙනුවට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් අපහසුතාවට පත්වන පරිදි අවලාද නඟා තිබූ බවත් ශ්‍රී ලංකා වූෂූ විනිසුරු සභාව සිය පැමිණිල්ලේ සඳහන් කරයි. 

පාසල් සංගමයක ලේකම් ධූරයක් දරන නිලධාරියකු මීට වඩා සංවරශීලී ලෙසින් කටයුතු කළ යුතු බවත් විශේෂයෙන්ම පාසල් දරුවන්ට ආදර්ශයක් වන ලෙසින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා වූෂූ විනිසුරු සභාව පෙන්වා දෙයි. මෙම නිලධාරියා තවදුරටත් පාසල් සංගමයේ කටයුතු කරන්නේ නම්, පාසල් වූෂූ සංගමය විසින් ඉදිරියේදී සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා තම සාමාජිකයන් ඉදිරිපත් නොවන බවත් ශ්‍රී ලංකා වූෂූ විනිසුරු සභාව වැඩිදුරටත් කියා සිටී.

- 213 


අදහස් (0)

පාසල් සංගමයේ ලේකම්ට එරෙහිව වූෂූ විනිසුරුවරු අගමැතිනියට ලියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.