Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් තරගාවලි පහක්

පාසල් තරගාවලි පහක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මට්ටමේ හොකී තරගාවලි පහක් ඉදිරි මාස හතර ඇතුළත දී පැවැත්වීමට ශ්‍රී  ලංකා පාසල්  හොකී සංගමය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාසල් හොකී ක්ෂේත්‍රයේ දක්ෂතා ඇති  හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ අරමුණින් මෙම තරගාවලි පවත්වනු ලබන අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාසල් හොකී (බාලක -බාලිකා) සංචිතයක් පිහිටුවීමට  නියමිත බව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපති මහනුවර ධර්මරාජ  විද්‍යාලයේ විදුහල්පති ධම්පිය වනසිංහ  මහතාගේ  ප්‍රධානත්වයෙන් ගෙවුණු සතියේ පැවති පාසල්  හොකී  විධායක කමිටු රැස්වීමේදී  මෙම තරගාවලි පහ පැවැත්වීමට තීරණය වී  තිබේ.


ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සහ දින වකවානු පහත පරිදි වේ

  • අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් (බාලක/බාලිකා) තරගාවලිය - ජුනි  10, 11 සහ 12 යන දිනවල කොළඹ  ටොරින්ටන්හිදී
  • වයස අවු 18න් පහළ (බාලක/බාලිකා) තරගාවලිය - ජුනි 29, 30, ජූලි 1 සහ 2 දිනවල මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේදී
  • වයස අවු 16න් පහළ (බාලක/බාලිකා) තරගාවලිය - අගෝස්තු 3, 4, 5 සහ 6 යන දිනවල වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී
  • වයස අවු 14න් පහළ (බාලක/බාලිකා) තරගාවලිය - සැප්තැම්බර් 7, 8, 9 සහ 10 යන දිනවල මාතලේ හොකී ක්‍රීඩංගනයේදී
  • වයස අවු 20න් පහළ (බාලක/බාලිකා) තරගාවලිය - සැප්තැම්බර් 21, 22, 23, 24 යන දිනවල යාපනේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී

 


අදහස් (0)

පාසල් තරගාවලි පහක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.