සමස්ත ලංකා පාසල් ජූඩෝ තරඟාවලියේ බාලක ශූරතාව දිනාගත් ගම්පොල ජිනරාජ මහා විද්‍යාලයේ ශූරතාව පැය 24 ක් යාමටත් මත්තෙන් ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසලට පිරිනැමීමට තරග සංවිධායකයෝ තීරණය කළහ.
ගම්පොල ජිනරාජ මහා විද්‍යාලයේ සිසුන් නොවන ක‍්‍රීඩකයන් පිරිසක් තරඟාවලියට සහභාගී කර ගැනීම පිළිබඳව එල්ලවූ චෝදනාවක් විභාග කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගම්පොල ජිනරාජ මහා විද්‍යාලය වැරදිකරුවන් කළ ශී‍්‍ර ලංකා පාසල් ජූඩෝ සංගමය, තරගාවලියේ බාලක ශූරතාව වික‍්‍රමබාහු ජාතික පාසලට ප‍්‍රදානය කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් ජිනරාජ විදුහලට මෙවර තරගාවලියේ අනුශූරතාව හිමි විය.
මෙම පාසල් ජූඩෝ තරඟාවලිය ගම්පොල වික‍්‍රමබාහු විදුහල් ප‍්‍රධාන ශාලාවේ දින 2ක් පුරා පැවති අතර එය අධ්‍යාපනය අමාත්‍යාංශය හා ශී‍්‍ර ලංකා පාසල් ජූඩෝ සංගමය සංවිධානය කළේය.
තරඟාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගම්පොල ජිනරාජ මහා විද්‍යාලයේ පී.ජී.වී.සී. පෙරමුණගේද දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ගම්පොල ගිරාඋල්ල මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ජී.ජී. ප‍්‍රියන්තද සම්මාන ලැබූහ.
එහිදී ලකුණු 33.5 ක් ලබා ගනිමින් බාලක ශූරතාව ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල දිනාගත් අතර එහි අනුශූරතාව ගම්පොල ජිනරාජ විදුහලට හිමිවිය. එහි තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයයි.
ලකුණු 35 ක් ලබාගත් ගම්පොල ජිනරාජ බාලිකා විද්‍යාලය, බාලිකා ශූරතාවය දිනා ගත්තේය. අනුශූරතාව ගම්පොල ගිරාඋල්ල මහ විද්‍යාලයට හිමි විය. තෙවන ස්ථානය ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට හිමිවිය.
උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයින් ලෙස ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද පේ‍්‍රමසිරි, මධ්‍යම පළාත් ක‍්‍රීඩා අමාත්‍ය අතුල ජයවර්ධන, අතිරේක අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්. අනුර කුමාර, පාසල් ජූඩෝ සංගමයේ සභාපති ජයන්ත කුමාරසිංහ, වික‍්‍රමබාහු ජාතික පාසලේ විදුහල්පති පාලිත කරුණාරත්න මහත්වරු සහභාගී වී සිටියහ.
බාලක ශූරතාව දිනූ වික‍්‍රමබාහු ජාතික පාසල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.