Last Update  :  2025-06-28 09:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි ශූරයා - සුමනවීර සමුගනී

පාපැදි ශූරයා - සුමනවීර සමුගනී

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)  

මෙරට නම ගිය හිටපු පාපැදි ශූරයෙකු වන ඒ.එම්.සුමනවීර මහතා අද (27 වැනිදා) අභාවප්‍රාප්ත විය. මිය යන විට 77 හැවිරිදි වියේ පසුවූ සුමනවීර මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකි.

අසූව හා අනූව දශක වලදී  ලංකා සවාරිය, ලක් පොහොර සවාරිය ගම් උදාව සවාරිය, ගුරුගේ සවාරිය ආදී මෙරට දීර්ඝතම පාපැදි තරග රැසක ජයග්‍රාහකයා වූ සුමනවීර මහතා එකළ කඳු තරණයට උපන් හපන්කම් දැක්වූ පාපැදි තරගකරුවෙකු ලෙස ඉහළම නමක් දිනා සිටියේය. ඔහු වසර 40 ක් තරම් වන සිය ක්‍රීඩා දිවියේ පාපැදි තරග 800 ක් පමණ ජය ගෙන තිබේ.

එහිදී එකළ මෙරට දීර්ඝතම පාපැදි තරගය වන ලංකා සවාරිය පිට පිටම තෙවරක් ජය ගැනීමට ඔහු සමත්ව තිබේ. ආසියානු පාපැදි සවාරිය ඇතුළුව ඔහු ජාත්‍යන්තර පාපැදි තරග කීපයකටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී තිබේ.

රත්නපුර දෑල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පාපැදි ධාවකයෙකු ලෙස එකළ වඩාත් අවධානය දිනා ගත් සිදුවීමක් වූයේ  කොළඹ සිය සේවා ස්ථානයට එහි සිට දිනපතා පාපැදියෙන් පැමිණ වැඩ නිමවා යළි පාපැදියෙන්ම දෑල  නිවස බලා  පිටත්ව යාමට හුරුව සිටීමයි.
 
මේ වන විට රුසියාවේ වෙසෙන සුමනවීර මහතාගේ දියණියන් අතරින් අයේෂා සුමනවීර දකුණු ආසියානු ක්‍රීඩා පාපැදි රන් පදක්කම් ලාභීණියකි. දිල් රුක්ෂි සුමනවීර දකුණු ආසියානු ලෝකඩ පදක්කම් ලාභිණියකි.

සුමනවීර මහතාගේ අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව ඔහුගේ පුත් මනෝජ් සුමනවීර මහතා පැවැසීය.


අදහස් (0)

පාපැදි ශූරයා - සුමනවීර සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.