Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි තරගය හෙට වාරියපොළදී

පාපැදි තරගය හෙට වාරියපොළදී

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ස්ටෑන්ඩර්ඞ් පාපැදි තරගාවලිය (පිරිමි/කාන්තා) හෙට (10) පෙරවරු 9.00 වාරියපොළ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිටින් ඇරැඹෙයි.

ජාතික ක්‍රීඩා උළෙලේදී තරග වදින පළාත් නවයෙන් ක්‍රීඩකයෝ 90 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 54 දෙනෙක් මෙම තරගාවලියට සහභාගිවෙති.

කිලෝමීටර 140 ක දුරකින් පැවැත්වෙන පිරිමි තරගය වාරියපොළ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී හලාවත, හෙට්ටිපොළ, නුගවෙල ආදී නගර පසුකරමින් නැවත වාරියපොළ ආරම්භක ස්ථානයෙන් අවසන්වේ.

කාන්තා තරගය කිලෝමීටර 60 ක දුරකින් යුතුව පැවැත්වෙන අතර හලාවත, හෙට්ටිපොළ නගර හරහා නැවත වාරියපොළ නගරයෙන්ම අවසන් කෙරේ. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක සහ සමාප්ති උත්සව පැවැත්වේ.


- 090

 


අදහස් (0)

පාපැදි තරගය හෙට වාරියපොළදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.