Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රභාත් - මනෝරි ශූරතා දිනති
ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ් තරගාවලිය

ප්‍රභාත් - මනෝරි ශූරතා දිනති

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ එක්ව 10 වැනි වරටත් සංවිධානය කළ ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට ප්‍රභාත් ගමගේ මහතාත්, කාන්තා ශුරතාව දිනාගැනීමට මනෝරි ජයකොඩි මහත්මියත් සමත් වූහ.

ත්‍රිකුණාමලය, චිනවරාය ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබෙන ‘ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්’ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය කටයුතු කළේය.  

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ෂණ පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණ. එහිදී දක්ෂතම ත්‍රිවිද හමුදා ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නන්දන ජයලත් මහතා සම්මාන ලැබීය.


-036


අදහස් (0)

ප්‍රභාත් - මනෝරි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.